පසුගියදා පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
අද (23) හෝමාගමදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මෙහිදී සඳහන් කළේ මේ වන විට රජය විසින් උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට සියලු දීමනා වැඩි කර ඇති බවය.
එමෙන්ම පාසල් වලට අනුයුක්තව සිටි සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නයට ඊයේ (22) එකඟතාවයකට පැමිණි බැවින් අධිකරණයට අදාල ගැසට් පත්‍රය ඉදිරිපත් කර නඩුව එළඹෙන සතිය වන විට අවසන් වීමෙන් පසු එම පත්වීම් ලබා දීමට හැකියාව පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ වන විට පුරප්පාඩු සදහා ගුරුවරුන් ලෙස සංවර්ධන නිලධාරීන් විසි තුන් දාහෙන් හයදාහකට පත්වීම් ලබා දී තිබෙන බැවින් ඉතුරු අය සදහා සම්මුඛ පරීක්ෂණක් පවත්වා පත්වීම් ලබා දීමට කටයුතු කිරීමට සැළසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේය.