Connect with us

පුවත්

සා / පෙළ ගැන තීරණයක් ගත යුතුයි – ජනපති

Published

on

සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුවෙකුගේ සමත් අසමත් බව පරීක්ෂා කරනවාද එසේත් නැත්නම් වෙනත් ක්‍රමයකයට අනුව විභාගය පවත්වනවා ද යන්න පිළිබඳව ඉදිරියේදී සළකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“වසර 13ක් අධ්‍යාපනය ලබනවා නම් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍යද කියන ගැටළුව තිබෙනවා. ඇතැම් අය කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය අවශ්‍ය නැති බවයි. ඊට උදාහරණයක් ලෙස පෙන්වන්නේ ලෝකයේ දියුණුම රට වන ඇමරිකාවයි. එහි සාමාන්‍ය පෙළ විභාගයකුත් නැහැ, උසස් පෙළ විභාගයකුත් නැහැ. අපට එය කරන්න පුළුවන් වෙයි කියා මම හිතන්නේ නැහැ . නමුත් අපි සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණයක් ගත යුතුව තිබෙනවා. එය මීට වඩා වෙනස් විදියකට පවත්වනවද, නැත්නම් සමත්, අසමත් විභාගයක් ලෙස පවත්වනවද යන්න පිළිබඳව.”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනි.

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ජාතික පාසල් හා බස්නාහිර පළාත් පාසල් සඳහා ගුරු පත්වීම් ලබාදීමේ ප්‍රධානෝත්ස්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේදී පැවැත්වුණි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සඳහා ගුරුපත්වීම් 1,729 ක් සහ බස්නාහිර පළාත් පාසල් සඳහා ගුරුපත්වීම් 626 ප්‍රදානය කිරීම සිදුකළේය.

කොළඹ පැවති ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයිනේ සියලු පළාත්වල ගුරුවරුන් 7,342 ක් සඳහා මෙලෙස අද පත්වීම් ලබාදීම සිදුකෙරුණි.

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved