Connect with us

පුවත්

සැමියා ඉලව්ගෙයක ගිය අතර තරුණ බිරිය මරා මඩගොඩක ඔබලා!

Published

on

නිවසේ තනිවම සිටි 25 හැවිරිදි කාන්තාවක ඝාතනය කර  නිවස අසල වෙල් යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී අද (11) ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබේ.

මහනුවර අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව විවාහක කාන්තාවක් වන බවත්  දරුවන් නොමැති බවත් සැමියා සමඟ නිවසේ තනිව ජීවත්ව ඇති බවත් පොලිසිය කියයි.

ඊයේ 10 වනදා රාත්‍රීයේදී සැමියා ගමේ මළ ගෙදරකට ගොස් ඇති අතර මළ ගෙදර සිට පැමිණ බලද්දී බිරිඳ නිවසේ නොසිටි බව සැමියා පොලීසියට ප්‍රකාශ කර තිබේ. 

අද 11 අළුයම සිට මෙම කාන්තාව සොයා ප්‍රදේශවාසීන් අවට ප්‍රදේශ පීරා ඇති අතර අළුයම් කාලයේදී ඇයගේ මළ සිරුර නිවසේ සිට මීටර් 100ක් පමණ දුරකින් පිහිටි වෙල් යායේ මඩ ගොහොරුවක ඔබා තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබේ.

ප්‍රදේශවාසින් ප්‍රකාශ කරන්නේ රාත්‍රී 9.30 ට පමණ යටි ගිරියෙන් කෑ ගහන ශබ්දයක් ඇසුන බවත් දොරවල් ඇර බැලූ විට එම ශබ්දය නොඇසී ගිය බවයි.

මෙම මළ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද 11 වනදා සිදු කිරිමට නියමිතව තිබිණ.

මෙසේ මිය ගොස් ඇත්තේ අලවතුගොඩ විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි  ධනුකා මධුවන්ති ජයතිලක නැමැති 25 හැවිරිදි විවාහක කාන්තාවකි.

මෙම කෲර ඝාතනය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී ඇති අතර අලවතුගොඩ පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.

පුවත්

කහවත්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු ජූලි 28 දක්වා රිමාන්ඩ්

Published

on

By

පසුගියදා කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු ජූලි 28දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් දෙදෙනා අද (17) පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ඊයේ (16) නියෝග කළාය.

අත්අඩංගුවට ගැණුනු අනෙක් සැකකරුවන් දෙදෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනවිය ඊයේ පොලීසියට අවසර ලබා දී තිබුණි.

සබැඳි පුවත් :

Continue Reading

පුවත්

අලුත උපන් බිළිදෙකු වෙල්‍‍යායකින් හමුවෙයි

Published

on

By

කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ.

අද උදෑසන වෙල්යාය මැදින් ගමන් කළ ගැමියෙකු මෙම දරුවා දැකීමෙන් අනතුරුව මාවතගම පොලිසිය දැනුවත් කර ඇත.

ඒ අනුව, පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර, බිළිඳා මාවතගම රෝහලට ඇතුළත් කර තිබේ.

බිළිදා පරීක්ෂා කළ වෛද්‍යවරයෙකු පවසා ඇත්තේ මෙම දරුවා ඉපදී දිනක් හෝ දින දෙකක් පමණ ගතවන්නට ඇති බවය. 

මූලික පරීක්ෂාවලින් අනතුරුව බිලිඳා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය වෙත මාරුකර යැවීමට මාවතගම රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

Continue Reading

පුවත්

හෙද සේවයට ලබාදී තිබූ නියෝගයක් බල රහිත කරමින් නියෝගයක්

Published

on

By

රජයේ සේවයේ නියුතු හෙද ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් හා නිලධාරිනියන් වයස අවුරුදු හැටේදී (60) දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.

ඊට අමතරව මෙම කරුණට අදාළව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම යළි විභාගයට ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත තවත් නියෝගයක් නිකුත් කර ඇත.

අභියාචනාදීකරණය විසින් නිකුත් කළ අදාළ අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ ඒ. එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

රජයේ සේවකයින් වයස අවුරුදු හැටේදී අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන තිබුණි.

එම තීරණයට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ එහි සභාපති පූජ්‍ය මූරුත්තේට්ටුවේ ආනන්ද හිමි ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය අදාල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේය.

එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

 (අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved