Connect with us

පුවත්

සිරිකොතේ දැන් එල්ලලා තියෙන්නේ මලකඩ කාපු ගෑස් සිලින්ඩරයක්

Published

on

මෙරට මීළඟ ජනාධිපතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් වන බව සෑම සමීක්ෂණයකින්ම තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (19) නාවලපිටිය පැවති සමඟි ජන බලවේගයේ ජන රැලියක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“අද වෙනකොට මේ රටේ හැම සමීකෂණයකින්ම කියවෙන කතාවක් තියෙනවා. ඒ තමයි ඊළඟ ජනාධිපතිවරයා හැටියට පත් වෙන්නේ වෙන කවුරුවත්ම නෙවෙයි සජිත් ප්‍රේමදාසයි කියන එක මේ හැමෝම කියන්න පටන් අරගෙන තියෙනවා. මං දැන් දවස් තුනකට හතරකට උඩදි පිටකෝට්ටේ සිරිකොත ඉස්සරහින් වෙනත් ගමනක් ගියා.අර ගොඩනැගිල්ලේ ගහලා තිබ්බ විශාල අලියා දැන් නෑ. ඒක මකලා දාලා ඒකට උඩින් මලකඩ අල්ලපු ගෑස් සිලින්ඩරයක් හයි කරලා. ඔන්න රනිල් මහත්තයා කරපු වැඩ. එයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා නම් එක්සත් ජාතික පක්ෂයට ආදරෙයි නම් කරනේ එතකොට මොකක්ද? අවුරුදු 20ක් පුරා ජනාධිපතිවරණ වලදි අපිට කරන්න බැරි උන අලියා ලකුණු ඡන්ද පත්‍රිකාව ඇතුළත් කරන්න එයා ජනාධිපතිවරයා හැටියට බය නැතුව තීරාණයක් ගන්න තිබුණා. ඒත් ඒක කළේ නෑ. මොකක්ද එයා කළේ, අවසානයේ දිය වෙලා යන එක්සත් ජාතික පක්ෂයේ මිනී පෙට්ටියට අවසාන ඇණයත් රනිල් දැන් ගහලා තියෙනවා.”

පුවත්

“හොරුත් එක්ක දීග කන්න මට ලැජ්ජයි”

Published

on

By



ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කර එහි ප්‍රතිපාදන පළුදු නොකරන පොදුජනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයකට නායකත්වය ලබා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.

“වර්තමානයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හරහා නවතම ඒකාධිපති ආඥාදායකත්වයක් ඇති කර තිබෙනවා. විධායකය වටා බලය කේන්ද්‍ර කර ගෙන හිතුමතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අමුඅමුවේ උල්ලංඝනය කර ඔවුන් කැමති පොලිස්පති පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් කටයුතු කළා. එය මේ වන විට එය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටවලා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මෙරට ජනතාවගේ සර්වජන ඡන්ද බලය උල්ලංඝනය කරමින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම තුළ ඔහු මූලික අයිතිවාසිකම් කඩ කරන්නෙක් බවට අධිකරණය ඒකමතිකව තීන්දුවක් දුන්නා.

මට අගමැති වෙන්න 71 වතාවක් ආරාධනා කළා. ගෝඨාභය රාජපක්ෂ පවා අගමැතිකම බාර ගන්න කතා කළත් මම ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. වත්මන් ජනාධිපතිවරයා මෙන් මම හොරු සමඟ එකට වාසය කළේ නැහැ. රට හොරා කෑ හොරුත් එක්ක දේශපාලන දීග කන්න මට ලැජ්ජයි. ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට විවිධ ක්ෂේත්‍ර යටතේ පත්වීම් කළ හැකි බලය ලැබෙනවා. ඒත් මම මගේ තනි මතයට වැඩකරන්න සූදානම් නැහැ”

Continue Reading

පුවත්

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ආධාර

Published

on

By

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය ඊයේ (08) ප්‍රකාශයට පත් කර තිබේ.

කන්කසන්තුරේ වරාය පුළුල් කොට සංවර්ධනය කිරීම තුළින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වාණිජ කටයුතු සීඝ්‍රයෙන් වර්ධනය කිරීමටද ඉන්දියාව බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සදහන්ය.

ඉන්දියාවේ සිට භාණ්ඩ රැගත් විශාල ප්‍රමාණයේ නැව්වලට කන්කසන්තුරේ වරාය වෙත සේන්දු වීමටත්, භාණ්ඩ පැටවුම් හා ගොඩබෑම විශාල ධාරිතාවයකින් යුතුව සිදු කිරීමට මෙම වැඩසටහන තුළින් අවස්ථාව උදාවන බවද ඉන්දියව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ, යාපනයේ දූපත්වල සුළං බලාගාර, දුම්රිය ප්‍රවාහනය යන ක්ෂේත්‍ර සඳහා ඉන්දියාව මුල්‍ය ආධාර හා ආයෝජන සිදු කර ඇති බවද වැඩිදුරටත් සදහන්ය.

Continue Reading

පුවත්

ජනපති අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්

Published

on

By

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09)මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.

එම කොමිසම පැවසුවේ, අද පෙරවරු 10.00 ට එම සාකච්ඡාව පැවැත්වෙන බවය.

මේ අතර, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් ද අද පස්වරු 2.00 ට මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved