Connect with us

පුවත්

සිරි දළදා වන්දනාවට ඉදිරි දෙදින එන්න එපා – පොලීසියෙන් ඉල්ලීමක්

Published

on

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සිරි දළදා වන්දනාව 2025.04.18 වන දින ආරම්භ කෙරුණි.

පොලිස් මුලස්ථානය දැනුම්දෙන්නේ ඒ අනුව මේ වනවිටත් බැතිමතුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වලට ඒකරාශී වී සිටින බවය.

හෙට (24) දින සහ අනිද්දා (25) යන දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා ප්‍රමාණවත් සැදැහැවතුන් පිරිසක් දැනටමත් පැමිණ සිටින බැවින් ඉදිරි දෙදින තුළ තවත් සැදැහැවතුන් පැමිණයහොත් ඔවුන්ට වන්දනාමාන කටයුතු සිදු කරගැනීම සඳහා අවස්ථාව නොලැබෙනු ඇති බව පොලීසිය පවසයි.

ඒ නිසා ඉදිරි දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා පැමිණීමෙන් වළකින ලෙසට ශ්‍රී ලංකා පොලීසිය සැදැහැවතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.

අද (23) පස්වරු 5:30ට සිරි දළදා වන්දනාව 6වන දිනට අවසන් කෙරුණි.

ඒ අනුව අද දිනයේදී සැදැහැවතුන් 82,500 දෙනෙකු සිරි දළදා වන්දනාවට එක්වූ බව සඳහන් ය.

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වර්ජනය අත්හිටුවයි

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මේ බව පැවසීය.

ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව අද (22) දවසේ සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බව එම බලමණ්ඩලය පැවසීය.

තම ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අවස්ථාවක් ලබා නොදුන් බව පවසමින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් අනිවාර්යයි

Published

on

By

දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

දුරගමන් සේවා බස් රථ වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා වන එක් පියවරක් ලෙස මෙම තීරණයට එළෙඹි අතර කිලෝමීටර් 100ට වැඩි ගමන්වාරයක් හිමි සියලු බස් රථ එම වාර්තාව ලබාගත යුතුය.

ඒ අනුව එළඹෙන අගෝස්තු 01වනදා සිට එම ඉංජිනේරු වාර්තාව ලබාගැනීම අනිවාර්ය බව ඊයේ (21)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේය.

මේ අතර මගී බස් රථ සඳහා අගොස්තු 01වනදා සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර භාවිතා කිරීම ද අනිවාර්ය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කලේය.

එම මාධ්‍ය හමුවට එක්වු රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ මගී බස් රථවල සවිකර ඇති අමතර උපාංග සම්බන්ධයෙන් ජුලි පළමුවනදා සිට නීත්‍යානුකූලව කටයුතු කරන බවය

Continue Reading

පුවත්

පළාත් කිහිපයකට තද වැසි

Published

on

By

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති අතර බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30–40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved