Connect with us

පුවත්

සීල් තිබ්බ බිත්තර ගබඩාව අධිකරණ නියෝගයකින් විවෘත කරයි!

Published

on

ජා-ඇළ ප්‍රදේශයේ බිත්තර ගබඩාවකට පාරිභෝගික කටයුතු අධිකාරිය තැබූ මුද්‍රා ඉවත් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය.

ඒ එම බිත්තර මෙරට ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක් වෙත ලබාදීම සඳහා ගබඩා කර තිබූ බවට ඉදිරිපත් කළ ලේඛන සැලකිල්ලට ගනිමිනි.

වැඩි මිලට අලෙවි කිරීම සඳහා බිත්තර සඟවා තබා ගැනීමේ චෝදනාව යටතේ අදාළ ගබඩාවට මුද්‍රා තබා තිබුණි.

මෙම බිත්තර ගබඩා කර තිබූ ව්‍යාපාරික ආයතනය වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට අද දින මෝසමක් මගින් කරුණු වාර්තා කළ අතර ඔවුන් දන්වා සිටියේ අදාළ බිත්තර තොගය මෙරට ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක් වෙත අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ බවය.

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා,

“ඒ අයට දැඩි සේ අවවාද කළා. මින් ඉදිරියට මේ වගේ ව්‍යාපාරිකයින්ට කූඨ ලේඛන සකස් කරන්න එපා කියලා. නලීන් ප්‍රනාන්දු ඇමතුමාගේ උවමනාවටයි මේක කළේ. මාත් එක්ක පට්ට ඇරියස්. පට්ට තරහයි. මගේ මස්සිනා.. එයාට විරුද්ධව තමයි නැඟිටින්නේ.”

මූලාශ්‍රය – අද දෙරණ

පුවත්

මින්නේරිය හැඩකල “යුනිකෝන්” සමුගනී

Published

on

By

කටුකැලියාව රක්ෂිතයේ ඒක දන්ත ඇතෙක් වෙඩි තබා ඝාතනය කරතිබේ.

මෙම හස්තියා මින්නේරිය, කවුඩුල්ල නිජබිම කොටගත් විශාලම ඒක දන්ත හස්තියෙකු වන “යුනිකෝන්” නම් හස්තියා බව විශ්වාස කරයි.

හස්තියා මිය ගොස් ඇත්තේ හිසට එල්ල වූ වෙඩි පහරකින් බවට ද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් කිසිවකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මේ වනවිට ඇතැම් පුද්ගලයන් කිසිදු බියක් සැකක් නොමැතිව අලි ඇතුන් මරා දැමීමට කටයුතු කරන බවකි.

Continue Reading

පුවත්

ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනම්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත.

Continue Reading

පුවත්

මර්වින් සිල්වා නැවතත් රිමාන්ඩ්

Published

on

By

හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 05 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කර පෞද්ගලික අංශයට විකිණීමේ සිද්ධියකට අදාළවය.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතාට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved