Connect with us

පුවත්

සුදා ඉරාජ්ගෙන් කෝටි පහක් වන්දි ඉල්ලා නඩු මඟට

Published

on

රංගන ශිල්පියෙකු සහ යූ ටියුබ් ක්‍රියාකාරියෙකු වන සුදත්ත තිලකසිරි මහතා තමාගේ කීර්ති නාමයට වූ හානිය සඳහා රුපියල් මිලියන 50ක වන්දි මුදලක් ඉල්ලමින් ඉරාජ් වීරරත්න වෙත එන්තරවාසි යොමු කර තිබේ.

ඒ, ඉරාජ් වීරරත්න මහතා විසින් තමාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කරනු ලැබූ බවට චෝදනා කරමිනි.

නීතීඥ ප්‍රවීණ සේනධීර මඟින් යොමු කළ අදාළ එන්තරවාසියෙහි දැක්වෙන්නේ, 2025 පෙබරවාරි 23 වන දින “ඉරාජ් ෂෝ” යූ ටියුබ් නාලිකාවේ විකාශය වූ සජීවී විකාශනයකදී සුදත්‍ත තිලකසිරි සහ ඔහුගේ පවුලේ බිරිඳ සහ සමීපතමයන් සම්බන්ධයෙන් අසභ්‍ය ප්‍රකාශ නිකුත් කර ඇති බවය.

එම වැඩසටහනේ අන්තර්ගතය ඔස්සේ හිතාමතාම සුදත්ත තිලකසිරිට අවමාන කර ඇති බවත් එමඟින් ඔහුගේ පෞද්ගලික සහ වෘත්තීය කීර්ති නාමයට දැඩි ලෙස හානි වී ඇති බවත් එහි සඳහන් වේ.

අදාළ වැඩසටහනේ ට්‍රේලරයේ, වැඩිහිටියන්ට පමණක් වෙන්වූ අන්තර්ගතයන් ඇතුළත් වෙබ් අඩවියක නාමය භාවිත කරමින් සුදත්ත තිලකසිරි සමච්චලයට ලක් කර ඇතු බවත් ඔහුට ආණ්ඩුවේ “ලොන්ඩරි මැෂිම” ලෙස අමතමින් ව්‍යාජ කරුණු නිරූපණය කර ඇති බවත් නීතීඥවරයා පෙන්වා දී තිබේ.

තවද, එම වැඩසටහන විකාශය වීමෙන් අනතුරුව සුදත්ත තිලකසිරිගේ බිරිඳ මානසික කම්පනයකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට සිදුව ඇති බවත් එන්තරවාසියෙහි සඳහන්ය.

ඒ අනුව, එම වැඩසටහන සහ එහි සියලුම අන්තර්ගතයන් සමාජ මාධ්‍ය අවකාශයෙන් ඉවත් කරගන්නා ලෙසත් සිය කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි  ගෙවන ලෙසත් ඉල්ලා සිටින සුදත්ත තිලකසිරි මහතා පවසන්නේ, එම ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත් ඉරාජ් වීරරත්නට එරෙහිව නීතිමය පියවර ගනු ලබන බවය.

පුවත්

දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගය වසාතැබීම ගැන දැනුම්දීමක්

Published

on

By

දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මැයි 24වනදා එම මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තැබීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඔරුගොඩවත්ත සිට බොරැල්ල දක්වා දිවෙන මහා මාර්ගයේ ඇති දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුතක් මැයි 24වනදා සිදු කෙරේ.

මේ හේතුවෙන් මැයි 24වනදා පෙ.ව. 9 සිට පසුදින (මැයි 25)  පෙ.ව. 6.00 දක්වා මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කාලසීමාවන් තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිතා කරනමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙන් දන්වා සිටියි.

Continue Reading

පුවත්

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල් යයි

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ල යළි ජුලි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (16) කැඳවූ අවස්ථාවේදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොර්ස්ට් යන අය අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව සඳහන් කළේය.

එම කරුණ කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජුලි මස 11 වනදා කැඳවන ලෙස නියම කර තිබුණි.

එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණ සලකා බලන බවත් අධිකරණය දැනුම්දුනි.

Continue Reading

පුවත්

සබරගමුවේ සරසවි සිසුන් 10දෙනා යළිත් රිමාන්ඩ්

Published

on

By

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැන වසරේ සිසුවෙකුට නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා එළඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාර සිසුන් අද (16) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

ඉකුත් අප්‍රේල් 29 වනදා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණි.

විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවය.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අදාළව මෙම සිසුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved