Connect with us

පුවත්

සුදු සීනි වල සඟවා හොරෙන් දුඹුරු සීනි ගෙනත්!

Published

on

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට ගෙන්වන ලද රු. මිලියන 241ක් පමණ වටිනාකමකින් යුත්  දුඹුරු සීනි තොගයක් රේගුව විසින් සිය භාරයට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම සීනි තොගය හමුවී ඇත්තේ දුඹුරු සීනි මෙරටට ආනයනය කිරීම තහනම් කර ඇති පසුබිමක් තුළයි.

සීනි මෙට්‍රික් ටොන් 1,200ක තොගයක් අතර, හමුවූ දුඹුරු සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 600ක් පමණ වන බව වාර්තා වේ. එම සීනී තොගය රාජසන්තක කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙසේ පවසා ඇත :

“අපි උග්‍ර විනිමය හිඟයකින් පෙළෙන රටක්. ඒ නිසා එක ඩොලරයක් පවා ආරක්ෂා කරගැනීමට සුවිශේෂි ව්‍යායාමයක යෙදෙනවා. අපේ රටේ දුඹුරු සීනි නිෂ්පාදනය වෙනවා. ඒ නිසා අපේ රටේ නීතියක් තියෙනවා දුඹුරු සීනි ආනයනය කරන්න බෑ කියලා. මෙට්‍රික් ටොන් 1,200ක් ආනයනකරුවෙකු විසින් ගෙනත් තියෙනවා. සුදු සීනි බව තමයි ඔහු රේගුවටත් අනෙකුත් අංශවලටත් වාර්තා කරලා තියෙන්නේ. හැබැයි මේ හැම කන්ටේනර් එකකම මැද්දේ විශාල ප්‍රමාණයක්.. 50%කට ආසන්න හෝ වැඩි ප්‍රමාණයක් සුදු සීනි කියලා අපට වාර්තා කරලා ඒ ඇතුලේ දුඹුරු සීනි කිලෝ ලක්ෂ 12ක් ලංකාවට ආනයනය කරලා තියෙනවා.”

පුවත්

බණ්ඩාරවෙල  සතොස ගිනිගනී

Published

on

By

බණ්ඩාරවෙල නගරයේ පිහිටි සතොස ආයතනයේ අද (20)  අලුයම ගින්නක් ඇතිවී තිබේ.

ගින්නෙන් එම ආයතනයට දැඩි ලෙස අලාභහානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙම සතොස ආයතනය වසා තිබියදී මෙසේ එහි ගබඩාවේ අලුයම ගින්න හටගෙන ඇති බවත් ,එම අවස්ථාවේ එම වෙළෙඳ සංකීර්ණය අසල රාත්‍රි  මුර  රාජකාරියේ නිරතව සිටි  සේවකයන් විසින් මෙම ගින්න දැක බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය ට දැනුම් දී තිබේ.

අනතුරුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය සහ බණ්ඩාරවෙල පොලිසිය එක්වී එම ගින්න අවට ප්‍රදේශයට පැතිර යාමට ඉඩ නොදී ගිනිනිවිම් රථ ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වූ බවද
පොලිසිය සදහන් කළේය.

ගින්නෙන් සතොස ආයතනයේ ගබඩාව තුළ තිබූ හාල් , සීනි ඇතුලු  ආහාර ද්‍රව්‍ය  සමග   දේපළ රැසක් විනාශ වී ඇති බවත් ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැත.

Continue Reading

පුවත්

පොලිස් විශේෂ ආරක්ෂක දිසාවට අලුත් ප්‍රධානියෙක්

Published

on

By

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) සිට පත් කර තිබේ.

ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත එම තනතුරේ රාජකාරී සඳහා පත්කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඔහු රාජකාරීන් සිදුකළ මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම්දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව මහතා පත් කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට

Published

on

By

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදේශිකයෙකුට අද (20) දින හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් නිසා මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික පුද්ගලයෙකි.

මෙම විදෙස් සංචාරකයා ශ්‍රීපාදය වන්දනා කිරීමට යනවිට නල්ලතන්නිය මාර්ගයේ, ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේම රෝගාතුර වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෘත ශරීරය මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නල්ලතන්නිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved