ජපානයේ, හචිජෝජිමා දූපතට සුනාමි රළ පහරක් පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ, පිලිපීනයේ, මින්දනාඕ ප්‍රදේශයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූ කම්පනයත් සමගයි.
කෙසේවුවද, මේ රළපහර සෙන්ටිමීටර 40 ක පමණ උස කුඩා රළ පහරක් බවද පැවසේ.
සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරිමත් සමග එම දූපතේ වෙරළාසන්නව සිටි වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ජපන් බලධාරින් කටයුතු කර තිබේ.
ඒ හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
මුහුදේ යාත්‍රා කරමින් සිටි පිරිස්වලට ද නැවත දැනුම් දෙනතුරු ගැඹුරු මුහුදු කලාපයේම රැදී සිටින්නැයි දන්වා ඇතැයි සඳහන් ය.
පිලිපීනයේ ඇතැම් ජන ශූන්‍ය ප්‍රදේශවලට ද සුනාමි රළ පහර සුළු වශයෙන් පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මේ වන විට භූ කම්පනයෙන් පැවති සුනාමි අවදානම පහව ගොස් ඇතැයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.