Connect with us

පුවත්

සුනාමි ගෙවල් 500ක් වසර 14කට පසු භාරදෙන්න තීරණයක්

Published

on

සුනාමි ව්‍යසනය හේතුවෙන් නිවාස අහිමිව අවතැන්වූ පවුල් 500ක් වෙනුවෙන් ඉදිකරන ලද නිවාස 500ක් වසර 14කට පසුව ප්‍රතිලාභීන් වෙත පවරාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

2009 වසරේදී සවුදි අරාබියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක කරන ලද මෙම නිවාස ව්‍යාපෘතියෙන් අම්පාර නොරොච්චෝල ප්‍රදේශයේ නිවාස 500ක් ඉදි කර තිබුණත් ඒවා ප්‍රතිලාභීන් වෙත භාර දීමට කටයුතු කර නැත.

පසුගියදා ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති කාලිඩ් හමූඩ් අල් කටානි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස කඩිනමින් එම නිවාස ජනතාව වෙත පවරා දීමට තීරණය කෙරුණි.

පසුගිය 2011 වසරේ ජූනි මාසයේදී මෙම නිවාස ව්‍යාපෘතිය අවසන් කර තිබෙන අතර එවකට ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති අබ්දුල් අසීස් අල් ජම්මාස් මහතා විසින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම නිවාස ව්‍යාපෘතිය නිල වශයෙන් භාර දී තිබුණි.

නමුත් අධිකරණ තීන්දුවකට අනුව එය ප්‍රතිලාභීන් වෙත භාරදීම අත්හිටුවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වේ.

නිවාස 500කින් සමන්විත මෙම ව්‍යාපෘතියට පාසලක්, සුපිරි වෙළෙඳ සංකීර්ණයක්, රෝහලක්, පල්ලියක් ඇතුළු අංග රැසක් අයත් වන අතර සමස්තයක් වශයෙන් ගත් කල එය ගම්මානයක් බව ද මෙය කඩිනමින් ප්‍රතිලාභීන් වෙත බෙදාදීම සවුදි අරාබියාවේ අපේක්ෂාව බවද සවුදි අරාබියානු තානාපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

අදාළ අධිකරණ තීන්දුවෙන් පසුව මේ දක්වා විවිධ ආණ්ඩු සහ විවිධ රාජ්‍ය නායකයන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ අතර පසුගියදා සවුදි අරාබියානු තානාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මෙම නිවාස ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව එය කඩිනමින් ප්‍රතිලාභීන් වෙත බෙදාදීමට තීරණය කර තිබේ.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved