Connect with us

පුවත්

සුපිරි පෝෂ් රථය නිසා රෝසි අපාදුක් විඳලා

Published

on

මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරියක් ලෙස කටයුතු කළ රෝසි සේනානායක මහත්මිය භාවිතා කළ පෝෂ් වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඇය අද (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

එහිදී ඇය සඳහන් කළේ ජනාධිපති උපදේශකවරිය ලෙස කටයුතු කළ වසරක කාළය තුළ ඇයට වාහන 8 ක් ලබාදුන් බවත් එම සියලු වාහන අබලන් තත්ත්වයේ පැවති ඒවා බවය.

පෝෂ් වර්ගයේ මෝටර් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට ලබා දී තිබුණේ, ඊට පෙර ලබා දී තිබුණු මෝටර් රථ සියල්ල විවිධ හේතූන් මත කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙන් බව රෝසි සේනානායක මහත්මිය පවසයි.

තමන් කිසිසේත්ම සුඛෝපභෝගී මෝටර් රථයක් ඉල්ලා නොසිටි බව පවසන රෝසි සේනානායක මහත්මිය, අදාල පෝෂ් මෝටර් රථය, ශ්‍රාවස්තියේ පුස්කමින් තිබූ එකක් බවද මාධ්‍ය අමතමින් සදහන් කලේය.

තමන්ට මෙම රථය ලබා දුන් අවස්ථාවේදී එය නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේදී කඩා වැටුණු බවත් එය අධික ලෙස ඉන්ධන කා දමන රථයක් බවත් ඇය පෙන්වා දෙයි.

මෙම පෝෂ් මෝටර් රථය ඇතුළට වතුර ගලන බවත්, සන් රූෆ් එක වේයෝ කා තිබුණු අතර කිසි දිනෙක ඩිකිය ඇරගන්න බැරි වූ රථයක් බවද ඇය දුක සේ මෙහිදී සදහන් කලේය.

පුවත්

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට

Published

on

By

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදේශිකයෙකුට අද (20) දින හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් නිසා මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික පුද්ගලයෙකි.

මෙම විදෙස් සංචාරකයා ශ්‍රීපාදය වන්දනා කිරීමට යනවිට නල්ලතන්නිය මාර්ගයේ, ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේම රෝගාතුර වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෘත ශරීරය මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නල්ලතන්නිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Continue Reading

පුවත්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ අවසන් කටයුතු අද ( Update )

Published

on

By

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතය.

වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කෙරෙනු ඇත.

මේ වනවිට දේහය රුහුණු මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අද (20) සවස 5.00 ට ගාල්ල, දඩල්ල සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

කලක් අසනීපව සිටි වික්ටර් අයිවන් මහතා ඊයේ අභාවප්‍රාප්ත වී තිබුණේ ගාල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී යි.


(පෙර පුවත 2025 ජනවාරි 19 ප.ව 10:35 )

රාවයේ සමාරම්භක කර්තෘ, ජවිපේ “පොඩි අතුල” මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ විකල්ප ධාරාවේ පුවත්පතක් වු රාවය පුවත්පතේ සමාරම්භක කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සිය දිවි ගමන නිම කර තිබේ.

කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගත වී සිටි ඒ මහතා මිය යනවිට 76 වියේ පසුවිය.

වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ⁣ජනවාරි 20 වැනිදා සවස 5ට සිදු කිරීමට නියමිතය.

1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.

මෙරට ගවේශණාත්මක මාධ්‍ය කලාවේ පුරෝගමියෙක් ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් හැඳින්වේ.

හෙතෙම දේශපාලන විචාරයකු, සමාජ විශ්ලේශයකු, ග්‍රන්ථ රචයෙකු වැනි කේෂත්‍ර කිහිපයකම කටයුතු කළේය.

ජවිපෙ පොඩි අතුල

කලක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වු වික්ටර් අයිවන් “පොඩි අතුල” නමින් පක්ෂ විසින් හඳුන්වනු ලැබ තිබේ.

එසේම ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ආයුධ සන්නද්ධ කැරැල්ලට සම්බන්ධව වූ වික්ටර් අයිවන්, ඒ කැරැල්ල පිළිබඳව වූ 71 මහ නඩුවේ 7 වැනි විත්තිකරු ය.

අඳ ගොවිතැනේ අභියෝග, 71 කැරැල්ල, දෙමළ අභියෝගය, පන්සලේ විප්ලවය, චෞර රැජිණ සහ දේශපාලනයේ පවුල සහ කුලය යන කෘති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් රචිත කෘති අතරින් කිහිපයක් වේ.

ඔහු කතෘ සංසදයේ ආරම්භක සාමාජිකයෙක් ද වේ.

Continue Reading

පුවත්

දුම්රිය ධාවනය යථා තත්වයට

Published

on

By

දුම්රිය රියදුරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුවෙන් දින තුනක් අඩාලව පැවති දුම්රිය සේවා අද (20) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ උදෑසන පැවති එම විභාගයට පෙනී සිටි රියදුරු මහතුන් විභාගය අවසන් වීමෙන් අනතුරුව සවස සිටම නියමිත රාජකාරි සදහා වාර්තා කළ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමයේ සභාපති නීතිඥ කේ.ඒ.යු. කොන්තසිංහ මහතා පවසයි.

දුම්රිය රියදුරන් විභාගයට සූදානම්වීම හේතුවෙන් පසුගිය 17 දා සිට ඊයේ දක්වා දුම්රිය අවලංගු කිරීම් සිදු වූ බවත් සදහන් කළ දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේදී දුම්රිය අවලංගු කිරීම් සිදු නොවූ බව කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved