Connect with us

පුවත්

සුවසැරියට හතයි!

Published

on

මෙරට සාමාන්‍ය ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැපවූ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව අදට (28) සත් වසරක් සැපිරේ.

2016 ජූලි 28දා ආරම්භ කළ 1990 සුවසැරිය මගින් මේ වනවිට රෝගීන් පහලොස් ලක්ෂ අසූ එක් දහසක් පමණ රෝහල්ගත කර තිබෙන අතර රෝගියෙකු වෙත පැමිණෙන කාල සීමාව කොළඹදී මිනිත්තු 8:45 ක් සහ කොළඹින් පිටතදී මිනිත්තු 14:29 ක් වේ. මෙරට පවතින ඉතාමත්ම කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලෙස සුවසැරිය සැලකෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් 1990 සුවසැරිය ගිලන්රථ සේවයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටින්නේ කුමන අභියෝග පැමිණියත් මෙම සේවාව පවත්වාගෙන යාම සඳහා සිය උපරිම සහයෝගය ඉදිරියේදීත් ලබාදෙන බවයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ සුවසැරිය පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් මුදල් මහා භාණ්ඩාගාරයෙන් පසුගිය කාලයේදී ලබාගැනීමට අපහසු වූ විට පුද්ගලික අංශයේ මුදල් ආධාර මත වියදම් වලින් කොටසක් පියවාගත් බවත් ඔහු පැවසීය.

මෙම සේවාව ආරම්භ කළදා පටන් පැවති සියළුම රජයන් මෙම සේවාව පවත්වාගෙන යාම සඳහා උපරිම දායකත්වය ලබාදුන් බවද ඔහු පෙන්වා දෙයි.

“මෙම සේවාව දැන් මේ රටේ ජනතාවගේ ගැලවුම්කරුවා බවට පත්වී තිබෙනවා. කුමන අභියෝග පැමිණියත් මේ සේවාව පවත්වාගෙන යා යුතුයි. එදා මෙම සේවාව ආරම්භ කිරීමට සහයෝගය දැක්වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියළුම දෙනාටත් මෙම සේවාව පවත්වාගෙන යාම සඳහා දිවා රෑ කැපවන සුවසැරිය පදනමේ සභාපතිතුමා ඇතුළු සියළුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ටත් 1500 කට ආසන්න කාර්ය මණ්ඩලයටත් මාගේ හෘදයාංගම ආචාරය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම, මෙම සේවාව ආරම්භ කිරීමට මූල්‍යමය ප්‍රදානයක් සහ තාක්ෂණික සහයෝගය ලබාදෙමින් කටයුතු කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ ඉන්දීය රජයටත් මා ස්තුතිවන්ත වෙනවා.” යනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

පුවත්

ජනපතිට අනතුරක් තියෙනවා – සුනන්ද දේශප්‍රිය

Published

on

By

ජනපතිට අනතුරක් ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා කියයි.

ඒ මහතා රජයේ සිළුමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා තිබේ.

තාජුඩීන් ප්‍රගීත් එක්නැලිගොඩ වගේ සිදුවීම් නිසා බෙල්ල හිරවෙන අය ඕනම දෙයක් කළ හැකි බවද දේශප්‍රිය මහතා එහිදී පවසා ඇත.

එහිදී, මාධ්‍යවේදී තාරක වික්‍රමසේකර මහතා, “ඔබ සමාජ මාධ්‍ය නාළිකාවට කියා තිබුණා ජනාධිපතිවරයාට අනතුරක් තියෙන බවක්…” යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස සුනන්ද මහතා මෙසේ පවසා ඇත.

ඔව් අනිවාර්යෙන්ම අනතුරක් තියෙන්න පුළුවන්, සුසමාදර්ශී වෙනසක් කරන්න යන අවස්ථාවන්හිදී එවන් අනතුරු තියෙනවා. ප්‍රභූ පන්තියෙන් බලය ඉවතට යාමෙන් එවන් අනතුරු ඇතිවෙනවා. බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියල ඝාතනය කරපු බව අපි දන්නවනෙ. ඒ වගේ ස්නයිපර්කරුවකු යොදා ගන්න එක අසීරු දෙයක් නෙමෙයි. අද පාතාලය කියන්නෙ සන්නද්ධ හමුදාවක් කියන එක අපි අමතක නොකළ යුතුයි. කෝටියක් දෙකක් දීල රට පනින්න ටිකට් එකක් හදල දුන්නහම ඕන දෙයක් කරව ගන්න පුළුවන්. අද දේශපාලනය ධන උත්පාදන මාර්ගයක් වෙලා තියෙන්නෙ. අපිත් එක්ක ප්ලේන්ටිය ගගහ හිටපු අය දේශපාලකයො වුණාට පස්සෙ ගිහින් බැලුවහම වෙනස පැහැදිලියි. ඒ අයගෙ ගෙවල් මාලිගා වගේ. ඒ නිසා අපි කලින් තකා කරපු තාජුඩීන් ප්‍රගීත් එක්නැලිගොඩ වගේ සිදුවීම් නිසා බෙල්ල හිරවෙන අය ඕන දෙයක් කරන්න පෙළඹෙන්න පුළුවන්. ඒ අනතුර අනිවාර්යෙන්ම තියෙනවා. සුළු කොට තකන්න බැහැ.

Continue Reading

පුවත්

වරායේ ස්ථාන මාරුව මැතිවරණ කොමිසම අත්හිටුවයි

Published

on

By

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ළමනාකරණ අධ්‍යක්ෂක තනතුර සඳහා නව කළමනාකරන අධ්‍යක්ෂකවරයකු පත්කර ඇති අතර එම තනතුරේ දැනට සේවය කරන ප්‍රභාත් ජේ. මලවිගේ මහතාට තනතුරින් වහාම ඉවත් වන ලෙස දන්වා පැමිණිල්ලක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ව අනුමැතියකින් තොරව සිදුකර ඇති මෙම ස්ථාන මාරුව වහාම අත්හිටුවා ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් දින තුනක් ඇතුලත ලබා දෙන ලෙස දන්වා ප්‍රවාහන, මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

යුක්රේන්, ඉන්දු හා බල්ගේරියන් සයිබර් අපරාධ සෙට් එකක් ලංකාවට බැහැලා

Published

on

By

මෙරටට ඇතුළු වී සයිබර් අපරාධ සිදු කරන යුක්‍රේන, ඉන්දියා සහ බල්ගේරියන් ජාතිකයන්ගෙන් සමන්විත සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආවේක්ෂණ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මේ කණ්ඩායමට අයත් බවට සැකකරන යුක්‍රේන ජාතික සයිබර් අපරාධකරුවන් දෙදෙනෙකු මේ වනවිටත් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 

මේ සයිබර් අපරාධකරුවන් මෙරටට පැමිණීමට පෙර මෙරට බැංකු පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ ඉතා සියුම්ව නිරීක්ෂණය කර ඇති බවට ද රහස් පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත. 

රහස් පොලිසිය මේ පිළිබඳව අධිකරණයට ද මේ වන විට කරුණු වාර්තා කර ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved