නිරිතදිග බෙංගාල බොක්ක ආශ්රිත ගැඹුරු පීඩන අවපාතය දෙසැම්බර් 2වැනි දින පැය 23.30 වන විට උතුරු අංෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන ප්‍රදේශයේ,යාපනයේ සිට කිලෝ මිටර් 330ක් පමණ ඊසාන දෙසට වන්නට පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි පැවසේ.
මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් දියිනෙන් ඉවත්ට ගමන් කරමින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දෙසැම්බර් 4 වන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තිරය දක්වා ගමන් කර ඉන්පසු එය උතුරු දෙසට ගමන් කර දෙසැම්බර් 5 වැනි දා වන විට දකුණු ආනද්ර ප්‍රයේශයේ වෙරළ තිරයෙන් ගොඩබිමට ඇතුළු වන බවට පලාපොරොත්තුවන බව ද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව උතුරු – උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළකුලින් බරව පවතිනු ඇතැයි පැවසේ.
උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් වටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකිය.
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇතිවේ.
ඌව පළතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පසු තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුර,උතුර – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට තද සුළං ඇති විය හැකිය.