Connect with us

පුවත්

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Published

on

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීමට අදාළ පනත් කෙට්ම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝග පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීම, තුරග තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත, සූදු ආඥා පනත සහ කැසිනෝ ආඥා පනත ඉවත් කිරීම ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත සකස් කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව සූදූ ක්‍රීඩා නියාමන අධිකාරි පනත යනුවෙන් හඳුන්වාදීමට නියමිතය.

සූදූ ක්‍රිඩාවලට අදාළ ආදායම් එකතු කිරීම, සූදු ක්‍රීඩාව පවත්වාගෙන යාමේ දී ඒවායේ  විනිවිඳභාවය සහ යහපාලනය පිළිබඳව සහතික කිරීම සූදු ක්‍රීඩාවලට අදාළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්විම ඇතුළු යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට මෙම සුදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමේ අරමුණ වී තිබේ.

පසුගිය අප්‍රේල් 21 වන දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අධිකාරිය පිහිටුවීමට අදාළ කැබිනට් අනුමැතිය ද ලබා දී ඇති බව වාර්තා වේ.

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading

පුවත්

ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

Published

on

By

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කරයි.

කණ්ඩායම් බහුලව ගැවසෙන ස්ථානවල සහ රාත්‍රී කාලයේ ගමන් හා උත්සව අවස්ථා සඳහා සහභාගී වීම හා දුරගමන්වල යෙදීම තාවකාලිකව නතර කරන ලෙස දැනුම් දී ඇත.

එළිමහනේ දී ගැවසීමේ දී තමන්ගේ ලෙබනන් හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ඡායාපිටපතක් ලග තබා ගැනීම සිදුකරන ලෙස ද ලෙබනන් තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved