Connect with us

පුවත්

සෞදියේ වැඩට ගිය කතට ඇණ ගිල්ලලා, පුච්චලා

Published

on

“මාව වොෂින් මැෂින් රූම් එකට ඇදන් ගිහින් මට ගහල, බිම දාල පාගල ස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් දුන්නා බීපන් කියලා. බිව්වෙ නැත්නම් මගේ රත්තරන් බඩු ඔක්කොම දාල පොලිසියට අල්ලල දෙනවා කියල ඒ ගෙදර කාන්තාව කිව්වා. මම බිව්වා. එතකොට එක ඇණයක් මගේ උගුරෙ හිරවුණා. මට හුස්ම ගන්න බැරිවුණා.”

මෙසේ පැවසූවේ සෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගොස් එහිදී පහර කෑම් වලට ලක් වී ඉන් අනතුරුව ස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් ගිල්වා, රෝගාතුර වී 11/22 දින අලුයම මෙරටට එවා තිබූ ගෘහ සේවිකාවකි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ මතුගම නෑබඩ පදිංචි 32 හැවිරිදි රාමචන්ද්‍රන් දර්ශනී නැමැති තිදරු මවකි. 

ඇය සෞදි අරාබියේ සිට කුවේට් වෙත එවා, එතැන් සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ.- 9553 දරන ගුවන් යානයෙන් 11/22 දින අලුයම 04.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දර්ශනී මෙසේ පැවසුවාය.

” මම 09.17 දින සෞදි අරාබියේ මදීනා වල නිවෙසක ගෘහ සේවය සදහා ගියා. ඒ ගෙදර වැඩ කළ සේවිකාව පැනල ගිහිල්ලා. එයාගෙ රෙදි බෑග් සේරම ඒ ගෙදර තිබුණා.

ඒ ගෙදර අයිති කාන්තාව මට හැමදාම ගැහුවා, බැන්නා, පිච්චුවා. ඒත් මම ඒ ගෙදර වැඩ කළා. ඒ ගෙදර පිරිමි ළමයා නාන්න ගිහින් ෂැම්පු හලලා. මම බාත් රූම් එක හෝදන්න ගියාම, ඒවා පෑගිල , මාව ලිස්සල වැටුනා. ඒ වෙලේ මගේ කොන්දයි ඔලුවයි බිම වැදුනා .

මට අමාරුයි, වැඩ කරන්න බෑ කිව්වා. බාබා යනකල් ඉදල, ඒ ගෙදර කාන්තාව මට ගහල, කාමරේකට දාල වැහුවා. ඊට පස්සෙ තමයි මාව වොෂින් මැෂින් රූම් එකට අරන් ගිහින් ඇණ ගිල්ලුවෙ.

මම මේ ගැන ලංකාවෙ ඒජන්සියට කතා කරල කිව්වම, ඒකෙ හිටිය කාන්තාව මට කුණුහරුපෙන් බැනල, ඒ ගෙදරට ගිහින් වැඩ කරන්න කියල කිව්වා.”

දර්ශනී රැගෙන යාම සදහා ඇයගේ ස්වාමිපුරුෂයා වූ මාරිමුත්තු නිලන්ත කුමාර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේ. ඔහු එම ප්‍රදේශයේ වෘත්තියෙන් පොල් කඩන්නෙකි .

 “අපේ ගෙදර ලග ඉන්නවා සෞදි අරාබියේ එම්බසියේ වැඩ කරන මහත්තයෙක් . මම එයාට ගිහින් කිව්වා මේ ගැන. එයා මට දර්ශනී ඉක්මනට ගෙනත් දෙන්න උදව් කළා.”

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved