Connect with us

පුවත්

හතේ කල්ලියේ සිටි, කුඩු අල්ලන්න හපනෙකු වූ ලිස්ටා මියයයි!

Published

on

දකුණු පළාතේ මත්ද්‍රව්‍ය වැටලීම් හාරසියයකට අධික සංඛ්‍යාවකට දායකත්වය සැපයූ නිල සුනඛ ලිස්ටා ඊයේ (23) ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගාල්ල මාතර නිල සුනඛ ඒකකයේ අධීක්ෂණ නිලධාරී උප පොලිස් පරීක්ෂක පී.පී.ඩී අබේවික්‍රම මහතාගේ උපදෙස් මත ගාල්ල මූලස්ථාන පොලිසියේ කොස්තාපල් 78840 චමිල මහතාගේ අධීක්ෂණය යටතේ සිටි මෙම සුනඛයා මත්ද්‍රව්‍ය වැටලීම්වලට දායකත්වය සැපයූ හොඳම සුනඛයා ලෙස සැලැකේ.

හෙරොයින්, අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 302 කට යොදවා ඇති ලිස්ටාගෙන් සාර්ථක වූ වැටලීම් ගණන 104 කි.

2017 නොවැම්බර් 01 වැනිදා නෙදර්ලන්තයේ උපත ලද ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයේ මෙම සුනඛයා 2018 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ශ්‍රී ලංකා පොලිස් නිල සුනඛ අංශයට අංක 1371 වශයෙන් බඳවාගෙන ඇත.

අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ මූලික පුහුණුව ලැබූ මෙම සුනඛ්‍යා මත්ද්‍රව්‍ය පරීක්ෂණ රාජකාරී සඳහා සුවිශේෂී පුහුණුවකට ලක්වූ සුනඛයෙකි.

2019 මාර්තු 10 වැනිදා සිට 2019 අප්‍රේල් 11 දක්වා ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පරීක්ෂා කිරීම් සඳහා යොදවා ඇති නිල සුනඛ ලිස්ටා 2019 අගෝස්තු 20 වැනිදා ගාල්ල නිල සුනඛ ඒකකය වෙත ස්ථාන මාරු ලබා පැමිණ ඇත.

මීට මාසයක පමණ කාලයක සිට වකුගඩු රෝගයකින් පෙළී ඇත.

සුනඛයා මිය යන විට සුනඛයාගේ වයස අවුරුදු පහයි දින විසි තුනකි.

මෙම සුනඛයා හිරු ටීවී නාළිකාවේ විකාශය වූ ජනප්‍රිය ළමා ටෙලි නාට්‍යක් වන හතේ කල්ලිය සඳහා ද රංගනයෙන් දායකත්වය සපයා ඇති අතර සුනඛයා නිසාම එම නාට්‍ය ජනතා සම්මානයට පාත්‍ර වී ඇත.

සුනඛයාගේ අවසන් කටයුතු ඊයේ සවස 03.30 ට සිදුවිය.

වීඩිය අනුග්‍රහය – හිරු ටීවී

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved