Connect with us

පුවත්

හමුදා විශ්‍රාමිකයන්ට කඳවුරුවලට ඇතුළුවීම තහනම් කරලා

Published

on

හමුදා විශ්‍රාමිකයන්ට කඳවුරුවලට ඇතුළුවීම තහනම් කරලා සැප්තැම්බර් 01 වැනිදා සිට දින විසිපහක කාලයක් යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරින් හා සෙබළුන් කඳවුරු තුළට ගෙන්වා ගැනීම හා නිවාඩු නිකේතන වෙන්කර දීම තහනම් කිරීමට යුද හමුදා මූලස්ථානය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා හෝ දැනුවත් කිරීමකින් තොරව යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත යුද හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය අගෝස්තු 26 වැනිදා මෙම නියෝගය කඳවුරු වෙත දැනුම් දී ඇතැයි පැවසේ.

සැප්තැම්බර් 01 දා සිට සැප්තැම්බර් 25 දක්වා විශ්‍රාමික නිලධාරින්ට හා සෙසු නිලයන්ට මෙම නියෝගය පනවා ඇත. 

මේ අනුව කලින් නිවාඩු නිකේතන වෙන් කරන ලද ඒවායේ වගකීම රෙජිමේන්තු සේනා විධායකවරුන් විසින් භාරගත යුතු බවද දන්වා ඇතැයි පැවසේ.

මෙම නියෝගයත් සමග ආබාධිත රණවිරුවන්ට තම උපන්දිනය වෙනුවෙන් කෑම බීම දීමට මෙම සතියේ අභිමංසල වෙත පැමිණි ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික මේජර් ජනරාල්වරයකුද හරවා යැවීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

මේ අතර සමාජ මාධ්‍ය භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සපුරා තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝග නිකුත් කර තිබේ.

මැතිවරණය අවසන් වනතෙක් කිසිදු නිලධාරියකු, සෙසු නිලයකු හෝ සිවිල් සේවකයන්ට දේශපාලන පක්ෂවල රැස්වීම් සඳහා සහභාගි වීමද සපුරා තහනම් කර ඇත. 

ඔවුනට දේශපාලන පක්ෂ පිළිබඳ අනෙකුත් අය දැනුවත් කිරීම හා දේශපාලන පක්ෂ වෙනුවෙන් ක්‍රියාකාරීව පෙනී සිටීමද තහනම් කර තිබේ.

තැපැල් ඡන්දය පැවැත්වෙන දා (05) සියලුම අයගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කිරීමටද ඒකක හා කඳවුරුවලට නියෝග කර ඇත.

මූලාශ්‍රය – අරුණ

පුවත්

බටලන්ද කොමිෂන් වාර්තාවෙන් මන්ත්‍රීලාටත් තොප්පියක්!

Published

on

By

මහජන නියෝජිතයන් තමන් සඳහාම ආචාර නීති පද්ධතියක් සකස් කරගෙන සම්මත කරගැනීම උචිත බවත්, යම් මහජන නියෝජිතයකු (පාර්ලිමේන්තු හෝ පළාත් සභා) පෙර සඳහන් කළ ආචාර නීති පද්ධතිය උල්ලංඝනය කිරීමේ වරදකට හසුවුවහොත් අදාළ මණ්ඩලයේ අනිකුත් සාමාජිකයන්ට වරදට හසුවූ සාමාජිකයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ බලය ලබා දිය යුතු බවත් බටලන්ද කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මගින් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

එසේ දෝෂාභියෝගයට ලක්වන සාමාජිකයාගේ මහජන නියෝජිතභාවය ද අහෝසි කළ යුතු බව එම නිර්දේශයේ සඳහන්ය.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

දෙවිනුවර ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Published

on

By

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී  තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද (23) අවසර දුන්නේය.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගෙන සිටියි.

ඔවුන් මාතර වැඩබලන මහෙස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇත.

Continue Reading

පුවත්

දේශබන්දුට ගෙදරින් කන්න අවසර දෙයි!

Published

on

By

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවසින් ආහාර ගෙනඒමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, තමාට නිවසෙන් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි ඔහු කළ ඉල්ලීමක් අනුවයි.

සිය ආරක්ෂාව තර කරන්නැයි කළ ඉල්ලීම සැළකිල්ලට ගනිමින් බන්ධනාගාරය තුළ ඊට සුදුසු ස්ථානයක දේශබන්දු තෙන්නකෝන් මහතා රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ ය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේ, ලබන 3 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව ඔහු මේ වනවිට පල්ලේකැළේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved