Connect with us

පුවත්

හරක් කටා කෑම පාර්සලයකට ලක්ෂ ගණන් වියදම් කරණ බවට හෙළිදරව්වක්

Published

on

නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ විසින් අභියාචනාධිකරණයේ පවරා ඇති රිට් අයදුම්පතට සැකකරුගේ අත්සන ලබා ගැනීමට අද (27) දිනම අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.

ඒ සැකකරු වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් නිතිඥ මඩුල්ලක් සිදු කළ ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදීයි.

සැකකරු සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබුණද ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බවට නිතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබේ.

එමෙන්ම අධිකරණ නියෝගය ප්‍රකාරව අත්සන ලබා ගැනීමට ගිය අවස්ථාවේ එවැනි නියෝගයක් ලැබි නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බවද නිතිඥවරුන් අධිකරණයට කියා සිටියහ.

හරක් කටා රඳවා සිටින අංශයේ පොලිස් නිලධාරින් කෑම පාර්සලයක් ලබා දීමට පවා රුපියල් ලක්ෂ ගණනින් මුදල් අයකරන බවට තම සේවා දායකයා ප්‍රකාශ කළේ යැයිද නිතිඥවරුන් මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කළහ.   

සබැඳි පුවත් :

හරක් කටා හා කුඩු සළිඳු‌ගේ නඩු විභාග ඉක්මන් කරන්නැයි නීතිපති ඉල්ලයි

පුවත්

මතක තියාගන්නවා, සීලරතන හිමි රන්ජන්ගෙන් ගේම ඉල්ලයි (වීඩියෝ)

Published

on

By

රන්ජන් රාමනායක අරගොල්ලෝ දාල තියෙන්නේ, සම්බුද්ධ ශාසනේ විනාශ කරන්නත්, සංස්කෘතිය විනාශකරන්නත් යැයි ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතත හිමියෝ පැවසූහ.

තමුසේ වෙසඟනක් සේ සලකා යශෝධරා දේවියට දොස් කියුවේ ඇයි දැයිද උන්වහන්සේ ප්‍රශ්න සිටියහ.

උන්වහන්සේ සිද කළ සම්පූර්ණ කතාව පහතින්. 

වීඩියෝ අනුග්‍රහය – VoiceTUBE

Continue Reading

පුවත්

ඇමැති තොණ්ඩා ගියත් හරි ජලසම්පාදනේට මාසෙකට ලක්ෂ 30ක් ඉතුරුයි

Published

on

By

ජල සම්පාදන අමාත්‍යවරයාගේ කාර්යාලයේ වියදම්වලින් (පුනරාවර්තන) මේ වන විට මසකට රුපියල් ලක්ෂ 30 ක මුදලක් ඉතිරි වන බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයාගේ පාලන කාලයේ ඇමැතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන, ආහාරපාන ආදියට දැරූ වියදම් ඉතිරි වීමෙන් මෙම මුදල ශේෂ වී ඇති බවද පැවසේ.

හිටපු අමාත්‍යවරයාගේ කාලයේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස 20 දෙනකු සේවය කර ඇති බවද වාර්තා වේ.

පැවැති රජයේ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ජීවන් තොණ්ඩමන් මහතාය.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

පාස්පෝර්ට් පෝලිමේ තැනක් පන්දාහයි

Published

on

By

ගුවන් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඇති වී ඇති පෝලිමේ ඉදිරි පෙළ ඉඩක් ලබාදීම සඳහා සංවිධානාත්මක පිරිසක් රුපියල් 5000ක් අය කරන බව වාර්තා වේ. 

දෛනිකව 2000 කට ආසන්න සංඛ්‍යාවක් එම ස්ථානයේ පෝලිම් ගැසෙන අතර බොහෝ විට ඉදිරි දිනයක් ලබා ගැනීම සඳහා ටෝකන් පතක් ලැබෙන්නේ 1000 කට ආසන්න පිරිසකටය. 

එම පිරිස තුළට ඇතුළු කිරීම සඳහා ජාවාරම්කරුවන් විසින් රුපියල් 5000 ක මුදලක් ලබාගන්නා බවට වාර්තා වේ. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පාන්දර සිට පෝලිමේ සිටුවා ස්ථානයක් අල්ලාගන්නා මෙම ජාවාරම්කරුවන් දහවල් කාලයේදී එම ස්ථානය 5000 කට විකුණන බවද පැවසේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved