Connect with us

පුවත්

හරක් හොරුන්ගේ ෆොටෝ සමාජ මාධ්‍ය වල දාන්න – ඇමති

Published

on

කිරි ගව සොරුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා මෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලිසියෙන් ඉල්ලා සිටියි.

මෙම දිනවල කිරිගව සොරකම් ඉහළ යමින් පවතින බවට ගොවි සංවිධානවල නියෝජිතයින් සිදුකරන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබී ඇති පැමිණිලි පරිදි දිනකට කිරි ලීටර් 20ක් පමණ ලබා ගත හැකි ගව දෙනුන් සොරකම් කරන බවත් ඇමතිවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එක් දිස්ත්‍රික්කයකින් සතියකට ගවදෙනුන් 35ක් පමණ සොරකම් කරන බව ගොවි නියෝජිතයින් අමාත්‍යාංශය වෙත පැමිණිලි කර ඇති බවයි.

පුවත්

කොළඹ වෙසක් කලාප වෙනුවෙන් රථවාහන සැළැස්මක්

Published

on

By

2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඒ අනුව අද (12) සිට බෞද්ධාලෝක වෙසක් කලාපය, ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය සහ සිරස වෙසක් කලාපය පැවැත්වෙන දිනවල දී මෙලෙස රථවාහන සැළසුමක් ක්‍රියාත්මක කෙරේ.

ඊට අදාළව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට විශේෂ රාජ්‍ය සමාව

Published

on

By

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 388 කට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01ක සමාවක් ප්‍රදානය කෙරෙන බවයි.

දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂයද අහෝසි කෙරෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කෙරෙන බවයි.

මෙම විශේෂ රාජ්‍ය  සමාව සඳහා කාන්තා රැඳවියන් 04 ක් හා පිරිමි රැදවියන් 384 වශයෙන් සියල්ල 388 ක් නිදහස් වීමට සුදුසුකම් ලබා තිබේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් 40 දෙනෙකු, වාරියපොළ බන්ධනාගාරයෙන් 38 දෙනෙකු, අනුරාධපුර බන්ධනාගාරයෙන් 36 දෙනෙකු මහර බන්ධනාගාරයෙන් 30 ක් ඇතුළුව දිවයිනේ අනෙකුත් බන්ධනාගාරයන්ගෙන්ද රැඳවියන් නිදහස් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

අද කාලගුණයේ වෙනසක්

Published

on

By

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved