Connect with us

පුවත්

හරීන්ගේ මෘදු මත්පැන් ලයිසන් වැඩේ කොටඋඩ

Published

on

සංචාරක හොටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර (Soft liquor) ලබාදීම තාවකාලිව නවතා දැමීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇති බවය.

කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් මෙසේ කීය.

“ශ්‍රී ලංකාව තුළ සංචාරකයින්ට අවශ්‍ය ආහාරපාන හා සේවා පහසුකම් සපයනු ලබන විවිධ සංචාරක ස්ථාන සඳහා සංචාරක අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද, යෝජනාවකට අනුව මෙැවනි ස්ථාන සඳහා පහසුවෙන් සුරාබදු බලපත්‍ර ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් පිළියෙල කරනු ලැබුවා. ඒ අනුව එම ස්ථාන අනුව එම ස්ථාන අනුව මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීමට කටයුතු කළා. එය ඇත්තටම ලබා දුන්නේ අවසරයක් ඇතිව. මේ අවස්ථාව වෙන විට දිවයින පුරා 400කට අධික ස්ථාන සංඛ්‍යාවකට එම අවසර පත්‍ර ලබාදී තියෙනවා. කෙසේ වෙතත් මේ සතියේ සිට එම බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතා තිබෙනවා අධිකරණය මඟින් ලබාදුන් වාරණ නියෝගයකට අනුව. ඉදිරියේ දී එම බලපත්‍ර ලබාදීමට සුදුසු පියවරක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.”

මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීමේ වැඩසටහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මීට වසරකට පමණ පෙරදී ආරම්භ කරන ලද්දකි.

පුවත්

නවතා තිබු වාහන 03ක් ගිනි ගනී

Published

on

By

පාදුක්ක – මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වාහන 03ක් ගිනි ගෙන විනාශ වී තිබේ.

වෑන් රථයක් කැබ් රථයක් සහ ත්‍රීරෝද රථයක් එලෙස හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ගිනි ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවත්, ඒ වන විටත් එම වාහන තුනම ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව‍ත් පොලීසිය පවසයි.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

පළමුවෙන් ත්‍රීරෝද රථයට ගිනි ඇවිලි ඇති බවත් අනතුරුව අනෙක් වාහනත් ගින්නෙන් විනාශ වී ඇති බවත් සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

වසන්ත අත්අඩංගුවට! (වීඩියෝ)

Published

on

By

රුපියල් මිලියන 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයින් වන මහින්ද ජයසිංහ, වසන්ත සමරසිංහ සහ අමාලි කළුපහන ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කර ඇති බවට වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය ව‍ෙත අදහස් දක්වා තිබේ.

ඔහු කියා සිටින්නේ අධිකරණය විසින් එවැනි තීන්දුවක් ලබා දී නොමැති බවයි.

Continue Reading

පුවත්

සජිත්, නාමල් සහ අරියනේත්‍රන් අද ජනපති අපේක්ෂක විවාදයට

Published

on

By

‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, අද (07) පස්වරු 3.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ය.

‘රට ගොඩගන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ එම විවාදය පැවැත්වෙන අතර අද (07) පැවැත්වෙන විවාදය සඳහා සහභාගි වන්නේ සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන ජනාධිපති ධූර අපේක්ෂකයින්ය.

ඊට සහභාගි වන ජනාධිපති අපේක්ෂකයින්ට ප්‍රශ්න 06 ක් යොමුකරන බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව අද ප.ව. 3.00 සිට 5.00 දක්වා සියළුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කිරීමට නියමිතයි.

විවාදයේ දෙවන සහ තෙවන අදියර සඳහා අපේක්ෂකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර එම විවාදයන් 8 වැනිදා සහ 9 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved