මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව ඇප මත මුදාහැර තිබේ.
බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව ඇප මුදා හැරීමට අධිකරණය නියම කලේය.
හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගීන් අද (20) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ බදුල්ල නගරයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
හිටපු ඇමැතිවරයා ආධාරකරුවන් පිරිසක් සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල පොලිසිය මගින් පෙළපාලිය විසුරුවා හරිනු ලැබීය.
(පෙර පුවත් 2024 නොවැම්බර් 20, පෙ.ව 10:15 )
හරීන් අත්අඩංගුවට
හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගීන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
හිටපු ඇමැතිවරයා ආධාරකරුවන් පිරිසක් සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල පොලිසිය මගින් පෙළපාලිය විසුරුවා හරිනු ලැබීය.
එහිදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ පොලිස් නිලධාරින් අතර ඇතිවූ සංවාදයක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක්ද ඇතිවී තිබුණි.
හිටපු ඇමැතිවරයා ඇද සිටි ටී ෂර්ටය පවා ගලා දමමින් එම අවස්ථාවේ නොසන්සුන් අයුරින් හැසිරෙනු දකින්නට ලැබුණි.
පොලීසිය පවසන්නේ, මේ වන විට හරීන් ප්‍රනාන්දු මහතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවය.