Connect with us

පුවත්

හවුල් ගිණුමක් සම්බන්ධයෙන් යෝෂිතට හා ඩේසිට යළිත් අධි චෝදනා

Published

on

යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධි චෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.

උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් මිලියන 59 ක හවුල් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්  මෙලෙස අධිචෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ අත්පත් කර ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්  යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් මින් පෙරද අධි චෝදනා ගොනු කර තිබුණි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එලෙස චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් ට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ පසුගිය අප්‍රේල් 4 වැනිදා නියම  කලේය.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර එහිදී භාර දෙනු ලැබූ අතර ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණි.

පුවත්

තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනයේ සඳහන් පරිදි,

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළයේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වෙන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා
රළු විය හැකිය.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න 

Published

on

By

ඊයේ (මැයි 19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

පුවත්

පාදෙණිය විහාරාධිපති හිමිගේ ධූරය අත්හිටුවයි

Published

on

By

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබේ.

පසුගිය මැයි 18 දා නිකුත් කළ ලිපියකින් මල්වතු පාර්ශ්වය දන්වා ඇත්තේ,මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහන එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කටුමුළුවේ සුමනරත්න හිමියන් දැරූ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවන බව නිල වශයෙන් දන්වා තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved