Connect with us

පුවත්

හිඟුරක්ගොඩ සංගීත ප්‍රසංගයක ප්‍රේක්ෂකයින් යකා නටයි

Published

on

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

හිඟුරක්ගොඩ – දිවුලන්කඩවල ජනාධිපති විදුහල් ක්‍රීඩාංගණයේ දී මෙම ප්‍රසංගය සංවිධානය කර තිබූ අතර, ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් ප්‍රකෝපකාරීව හැසිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.

සංගීත ප්‍රසංගය සඳහා සහභාගීවන බවට ලෙස මීට පෙර දැන්වීම්කර තිබූ ගායන ශිල්පින් දෙදෙනෙක් ඊට නොපැමිණීමත් සමඟ ප්‍රේක්ෂකයින් මෙලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරී තිබේ.

ප්‍රකෝපකාරීව හැසිරුණු ප්‍රේක්ෂකයින් වේදිකාවට, සංගීත භාණ්ඩවලට ඇතුළු දේපළවලට දැඩි ලෙස හානි සිදුකර ඇති බව ද සඳහන්ය..

මෙම ප්‍රසංගය සඳහා නව පරපුරේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඇවටර් සංගීත කණ්ඩායම සංගීතය සපයා ඇති අතර, ඊට ජනප්‍රිය ගායක ගායිකාවන් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටි බව වාර්තා විය.

සංගීත ප්‍රසංගය සඳහා ප්‍රේක්ෂකයින්ට රුපියල් 1,000 සහ රුපියල් 2,500 යන මිල ගණන්වලට ප්‍රවේශ පත් නිකුත් කර තිබේ.

මේ අතර ප්‍රසංගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45 දෙනෙකු පමණ රාජකාරියේ යොදවා තිබුණ ද ඇති වූ තත්ත්වය පාලනය කිරීමට එම නිලධාරීන්ට හැකි වී නැත.

පුවත්

2020 සිට 2024 දක්වා දුම්රියේ ගැටීමෙන් වන අලි 53ක් මරුට

Published

on

By

2020 සිට 2024 දක්වා ක‍ාලය තුළ දුම්රියේ ගැටීම නිසා වන අලි 53ක් මියගොස් ඇති බවත් 17ක් තුවාල ලබා ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COඵෑ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කමි‍ටුව පෙන්වා දුන්නේ වන අලි අනතුරු අවම කර ගැනීම සඳහා 2018 ඔක්තෝම්බර් මස 11 දින සිට 15 දින දක්වා සමීක්ෂණයක් සිදු කර වන අලි දුම්රියේ ගැටීමේ ස්ථාන හා වන අලි දුම්රිය මාර්ගයේ ගැවසෙන ස්ථාන පිළිබඳ අධ්‍යයනයක් සිදු කර තිබුණත් වන අලි දුම්රියේ ගැටීම අවම වී නැති බවය.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ 2018 පැවති තත්ත්වය මේ වන විට වෙනස් වී ඇති බවත් මෑත කාලීනව අලි 200 පමණ දිනපතා දුම්රිය මාර්ග අවට ගැවසෙන බවත් හඳුනාගෙන ඇති බවය

මේ නිසා දැනටමත් කෙටි කාලීන විසඳුම් ලබා දී ඇති බවත් මේ වන විට වන ජීවී දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් දීර්ඝකාලීන විසදුම් ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර්ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, සුගත් තිලකරත්න, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා, දිනිඳු සමන් හෙන්නායක, ටී.කේ. ජයසුන්දර, රුවන්තිලක ජයකොඩි, නීතීඥ තුෂාරි ජයසිංහ, අජන්ත ගම්මැද්දෙගේ, සුසන්ත කමාර නවරත්න සහ ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

Continue Reading

පුවත්

දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගය වසාතැබීම ගැන දැනුම්දීමක්

Published

on

By

දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මැයි 24වනදා එම මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තැබීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඔරුගොඩවත්ත සිට බොරැල්ල දක්වා දිවෙන මහා මාර්ගයේ ඇති දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුතක් මැයි 24වනදා සිදු කෙරේ.

මේ හේතුවෙන් මැයි 24වනදා පෙ.ව. 9 සිට පසුදින (මැයි 25)  පෙ.ව. 6.00 දක්වා මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කාලසීමාවන් තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිතා කරනමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙන් දන්වා සිටියි.

Continue Reading

පුවත්

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල් යයි

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ල යළි ජුලි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (16) කැඳවූ අවස්ථාවේදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොර්ස්ට් යන අය අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව සඳහන් කළේය.

එම කරුණ කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජුලි මස 11 වනදා කැඳවන ලෙස නියම කර තිබුණි.

එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණ සලකා බලන බවත් අධිකරණය දැනුම්දුනි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved