Connect with us

පුවත්

හිටපු අගමැති හා පිරිස දිලිත්ගේ පක්ෂයට

Published

on

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණයේදී දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත වීමට සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වේ.

එවැනි සාකච්ඡාවක් පවතින බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දිලුම් අමුණුගම මහතා ද මව්බිම ජනතා පක්ෂය සමඟ මෙවන විට ද එක්වී හමාරය.

ඔහුට එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ද අනතුරුව පිරිනමනු ලැබීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය ජනපතිවරණයේදී සහාය දීමට ඉදිරිපත්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ නමින් සන්ධානයක් පසුගිය දා පිහිටුවා ගනු ලැබීය.

එම සංවිධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාය.

මේ අතර, පොදු ජන එක්සත් නිදහස් පෙරමුණට තවත් පාර්ශ්ව සම්බන්ධ කර ගැනීමට වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු කණ්ඩායමක් මේ දිනවල කටයුතු කරන බවද පැවසේ.

පුවත්

STF අණදෙන නිලධාරී ඇතුළු පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු

Published

on

By

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව පෙබරවාරි 12 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

මෙහිදී, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇති අතර, නියෝජ්‍ය පොලිස්පති ඩීජීඑස් ද සිල්වා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී තනතුරට පත් කර ඇත.

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුටද මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව වාර්තා වේ.

ලබාදෙන මාරුවීම්වලට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සාමාන්‍ය රාජකාරී සඳහා යොමුවිය යුතු බවට ද තීරණය කර තිබේ.

මෙම ස්ථාන මාරුවීම් පිළිබඳ දන්වමින් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්,

Continue Reading

පුවත්

අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Published

on

By

අද (08)  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තුමේන්තුව දැනුම්දෙන්නේ, අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

මේ අතර, අද දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

පුවත්

පිට පිට ගිනිගත් ක්‍රිෂ් ආරක්ෂා කරන්න පොලිසියෙන් 20ක් දාලා

Published

on

By

පිට පිට දින දෙකකදී ගිනි ගැනීමට ලක් වූ කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිත ආරක්ෂාව තර කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බවයි.

ගිනි ගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉදිකෙරෙමින් පවතින කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ (07) සහ පෙරේදා (06) ගිනි ගැනීම් වාර්තා වුණි.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 24 වැනි මහලේ ඊයේ හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර ඒ සදහා යොදා ගෙන තිබු ගිනි නිවිම් සේවා රථ සංඛ්‍යාව 6කි.

පෙරේදා පස්වරුවේ ද ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වැනි මහලේ ගින්නක් හටගත් අතර එය 34 වැනි මහල කරා ද ව්‍යාප්ත විය.

ගින්න නිවා දැමුණේ, පැය ගණනාවක මෙහෙයුමකින් අනතුරුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved