Connect with us

පුවත්

හිටපු ජනපති මෛත්‍රී රජයෙන් ඉල්ලීමක් කරයි

Published

on

මොරගහකන්ද ජලාශයෙන් පිටවන ජලය අපතේ නොයවා අනුරාධපුරයට හා වයඹට ගෙනයාම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

දැනට පොළොන්නරුවට යන මොරගහකන්ද හා කළුගඟේ ජලය මහවැලි ගංඟාවට වැටී විශාල ප්‍රමාණයක් මුහුදට ගලා බසින අතර අනුරාධපුරයට හා වයඹට යන ඇල මාර්ග ඉදිකිරීම තුළින් ජලය අපතේ යාම මෙන්ම මෙය සාර්ථක කරගත හැකි බවද මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

වයඹ පලාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයෙන් දියුණු කිරීම සඳහා මොරගහකන්ද ජලාශයේ ජලය යොදාගත හැකි බැවින් අදාළ ඇල මාර්ග පද්ධතිය කඩිනමින් ඉදිකරන ලෙස ඉල්ලා සිටින බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රජයට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල විනාශවන ආකාරයට අධික වර්ෂාව හේතුවෙන් පොදු මහජනතාවට විශාල පීඩාවක් සහ අලාභ හානි සිදුවී ඇති බවත් මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මොරගහකන්ද සහ කළුගඟ ජලාශ වලින් එකතුවන ජලය පොළොන්නරු දිස්ත්‍රික්කයේ සහ මිනිපේ ජලාශයට පමණක් ගලායාම බවත් ඒ මහතා පවසයි.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

2019 වර්ෂය වන විට මා විසින් අනුරාධපුරයට සහ වයඹට මොරගහකන්දෙන් යන ජලයට කි.මී. 15 ක් 20 ක් පමණ ඇලමාර්ග ඉදිවෙමින් පැවැතුනි. එහෙත් 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වයඹ සහ අනුරාධපුරයට යන ඇලමාර්ග ඉදිකිරිම් එවකට පැවැති ආණ්ඩුවලින් ක්‍රියාත්මක වුයේ නැත. එම කටයුතු සම්පුර්ණයෙන්ම ඇනහිට තිබුණි. 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය වනවිට එම වයඹට සහ අනුරාධපුරයට යන විශාල ඇලමාර්ග කපා තිබුනේනම් පොළොන්නරුවට මෙවැනි විනාශයක් වන්නේ නැත.

මේ පිළිබඳව වර්තමාන රජයේ අවධානය යොමු කර අනුරාධපුරයට සහ වයඹ පලාතට ජලය ගෙනයන ඇලමාර්ග ඉදිකිරීම් ආරම්භ කළහොත් පොළොන්නරුවට මෙවැනි විනාශයක් වන්නේ නැත. දැනට පොළොන්නරුවට යන මොරගහකන්ද හා කළුගඟේ ජලය මහවැලි ගංඟාවට වැටී මහමුහුදට විශාල ජලප්‍රමාණයක් ගලාබසියි. වයඹ පලාතට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයෙන් දියුණු කිරීමට ඇති ජලය මොරගහකන්දෙන් අපතේ නොගොස් කඩිනමින් අනුරාධපුරයට හා වයඹට යන ඇලමාර්ග ඉදිකිරීමට කටයුතු කරන ලෙසට වර්තමාන රජය‍ෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

පුවත්

කොළඹ පුරපති තෝරන ඡන්දය ලබන 02 වැනිදා

Published

on

By

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම එළැඹෙන ජූනි මාසයේ 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම ඡන්ද විමසීම පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පවත්වනු ලබයි.

මෙවර කොළබ නගර සභාවට පුරපති ධූරය සහ නියෝජ්‍ය පුරපති ධූරයට සුදුස්සන්  මෙලෙස මෙසේ ඡන්දයකින්  තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි  පක්‍ෂයක් 50%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙනි.

පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන  ඡන්ද විමසීමේදී    50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයාට  නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතී.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන්  තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 48කි.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත් වූහ.

මේ අනුව කොළඹ නගර සභාවට වැඩි සභිකයන්  සංඛ්‍යාවක් මෙවර පත්ව ඇත්තේ විපක්ෂයෙනි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

සුපිරි හෝටල්වලත් බාර් වැසීමෙන් විදෙස් සංචාරකයෝ අමාරුවේ

Published

on

By

වෙසක් උත්සවය නිමිත්තෙන් දින 03ක් (මැයි 12,13 හා 14) සියලුම සුරාසැල් වසා තැබීමට ගත් තීරණය හේතුවෙන් පිරිසක් අපහසුතාවයට ලක්වීමක් සේම රටට සුවිශාල ආදායම් අහිමි වීමක් ගැන දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

මෙම සුරාසැල් වසා තැබීමට ගත් තීරණය හේතුවෙන් විදේශිකයන්ට ද ඔවුන් නවාතැන් ගෙන සිටින සුපිරි හෝටල්වලින් මත්පැන් නිකුත් කර නොමැතිවීමෙන් ඔවුන් අපහසුතාවට පත්වී ඇති බවට වාර්තා වේ.

මෙලෙස සුරාසල් දිනක් වසා තැබීමෙන් රුපියල් මිලියන 800ත් 1000ත් අතර ආදායමක් රජයට අහිමි වන බව ද පැවසේ.

තරු පන්තියේ හෝටල්වල නේවාසිකව සිටින විදෙස් සංචාරකයන්ට ද මත්පැන් නිකුත් කළ නොහැකි ආකාරයෙන් මෙවර එම තීරණය ගැනීම සම්බන්ධයෙන් සංචාරක මණ්ඩලයේ ඉහළ නිලධාරියකු සුරාබදු දෙපාර්තමේන්තුවට අප්‍රසාදය පළකර තිබේ.

තම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එවැනි තීරණයක් නොගත් බවත්, එවැනි තීරණයක් ගැනීමට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් නොකළ බවත් සංචාරක මණ්ඩලයේ ඉහළ නිලධාරියාට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

මීට පෙර වර්ෂවල තරු පන්තියේ හෝටල්වල නේවාසිකව සිටින විදෙස් සංචාරකයන්ට පමණක් මත්පැන් ලබාදීම සිදුවිය.

මෙවර කැබිනට් තීරණයක් මත සුරාසල් වසා දැමීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට කිසිවක් කළ නොහැකි වී තිබේ.

සුරාසල් අද (14) එනම් එක් දිනක් වසා තැබීම නිසා රජයට රුපියල් මිලියන 800ත් 1000ත් අතර ආදායමක් අහිමි වන බවත් අද සුරාසල් වැසීමේ තීරණය පිළිබඳව අපහැදිලිතාවක් පවතින බවත් සුරාබදු දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මූලාශ්‍රය –  දිවයින

Continue Reading

පුවත්

සහාය දීම ගැන තාම තීරණයක් නැහැ

Published

on

By

විපක්ෂ කණ්ඩායම්වලට වැඩි බලයක් හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සහාය දීම සම්බන්ධයෙන් මෙතක් තීන්දුවක් ගෙන නැතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ජනතාවගේ මතය පිළිබඳව තව කරුණු සොයා වැඩිදුර සාකච්ඡා කළ යුතුව ඇති බවය.

මේ ගැන තීන්දුවක් ගැනීමට දේශපාලන මණ්ඩලය ලබන සතියේදී නැවත වරක් රැස්වීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේ ය.

ලබන සතියේදී පමණ රැස්වන දේශපාලන මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවද මහ ලේකම්වරයා පැවසීය.

පසුගිය සතියේදී ද පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජාපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නමුත් එදින මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොතිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved