Connect with us

පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුතුහෙට්ටිගම රීමාන්ඩ්

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සැප්තැම්බර් 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(14) නියෝග කර ඇත.

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත

පුවත්

YouTube නාලිකා හිමිකරුවෙකුගෙන් CID එකට නඩුවක්

Published

on

By

SL-Vlogs’ යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.

2023 වසරේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට එරෙහිව රුපියල් මිලියන 50 ක වන්දියක් ඉල්ලා ඔහු මෙම නඩුව පවර ඇති බව වාර්තා වේ.

මෙම නඩුව සඳහා නීතීඥ තමිලා පෙරේරා මහත්මියගේ උපදෙස් මත ඩිලාන් නාලක සමඟ තිෂ්‍ය වේරගොඩ යන නීතීඥවරුන් බෲනෝ දිවාකර වෙනුවෙන් පෙනී සිටීමට නියමිතය.

නතාශා එදිරිසුරිය නමැති ප්‍රහසන ශිල්පිනයක්, ප්‍රහසන වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයකින් බුදු දහමට අපහාස වී ඇති බවට චෝදනා කරමින් එය විකාශය කිරීම  මුල් කරගනිමින්, බෲනෝ දිවාකර සහ නතාෂා එදිරිසූරිය පසුගිය වසරේ මැයි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

කෙසේවෙතත්, ඔවුන් දෙදෙනාට එරෙහි සියලු චෝදනා ඉවත් කළ බවට නීතිපතිවරයා අධිකරණයට දැන්වීමෙන් පසුව බෲනෝ දිවාකර සහ නතාෂා එදිරිසූරිය 2024 ජුනි මාසයේදී බුදුදහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වූ නඩුවෙන් නිදහස් විය.

Continue Reading

පුවත්

රමිත් රඹුක්වැල්ලට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් අධිකරණ නියෝගයක්

Published

on

By



හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රමිත් රඹුක්වැල්ල මහතා විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඊට අදාළව එම දේපොළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කොමිසම අද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ දේපොළ ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා පරිහරණය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

Continue Reading

පුවත්

රජයේ සියලු පාසල් හෙට නිවාඩු

Published

on

By

ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් වලට හෙට (20) නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ඒ අනුව පාසල් යළි ලබන 23 වනදා ආරම්භ කෙරෙන බවය.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් අද (19) පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved