බීමතින්රිය පදවා අනතුරක් කල හිටපුනියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහු අද (29) ගස්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදීනියෝග කර ඇත්තේ, නොවැම්බර් මස 01 වැනිදා දක්වා ඔහු ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටය.
ඊයේ (28) රාත්‍රියේ වැල්ලවත්ත, මුහුද ආසන්න මාර්ගයක දීබීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකට අදාළ ව ඔහු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
රවී සෙනෙවිරත්න මහතා ධාවනය කළ මෝටර් රථය, බස් රථයක සහ මෝටර් රථයක ගැටී ඇති බව පොලීසිය පැවසීය.
——————————————–
(පෙර පුවත : 2023 ඔක්තෝම්බර් 29 ප.ව. 12:16)
හිටපු DIG රවී සෙනවිරත්න අත්අඩංගුවට
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකට අදාළවය.
ඊයේ (28) රාත්‍රී වැල්ලවත්ත, මුහුද ආසන්න මාර්ගයේ දී එම අනතුර සිදුව තිබුණි.
එහිදී රවී සෙනෙවිරත්න මහතා ධාවනය කළ මෝටර් රථය, බස් රථයක සහ මෝටර් රථයක ගැටී ඇති බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අද (29) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.