Connect with us

පුවත්

හෙට,අනිද්දා විධායක නිලධාරින් ලෙඩ වෙයි

Published

on

වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් රජයේ විධායක නිලධාරිහු හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙති.

ඊට සමගාමීව හෙට දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කර සිටී.

රජයේ දීපව්‍යාප්ත සේවාවලට හා සමාන්තර දෙපාර්තමේන්තු ගත සේවාවලට අයත් 18,000ක් පමණ විධායක නිලධාරීන් හට බලපා ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මෙහෙයවන බව විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

එම සංගමය වැඩිදුරටත් පවසන්නේ, සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කටයුතුවලින් රජයේ විධායක නිලධාරීන් මේ වනවිට ඉවත් වී ඇති අතර දේශපාලඥයින් විසින් කැඳවනු ලබන රැස්වීම් ද වර්ජනය කර ඇති බවය.

පුවත්

Sri Lanka Mirror අපි සූදානමින්…

Published

on

By

2024 මහ මැතිවරණයේ නිල මැතිවරණ ප්‍රතිඵල ඔබ වෙත ගෙන ඒම සඳහා විශේෂ මැතිවරණ විකාශයක් පවත්වාගෙන යාමට Sri Lanka Mirror  අප අද (නොවැම්බර් 14) දිනයේ දී සියලු කටයුතු සැලසුම් කර තිබේ.

අද රාත්‍රියේ සිට Sri Lanka Mirror මැතිවරණ විකාශය සඳහා https://elections.srilankamirror.com හා එක්වන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටිමු.

✅

 Like us on Facebook 

👉

https://shorturl.at/vqLvQ

✅

 Subscribe to us on YouTube

👉

https://shorturl.at/VGRSP

✅

 Follow us on X (Formerly Twitter) 

👉

https://shorturl.at/cYGI5

✅

 Join our WhatsApp Group 

👉

https://shorturl.at/xizOF

✅

 Join our WhatsApp Channel 

👉

https://shorturl.at/N2Di3

✅

 Website 

👉

https://elections.srilankamirror.com

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද ගණනය ආරම්භ වෙයි

Published

on

By

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මේ වනවිට ආරම්භ වී ඇතිබව වාර්තා වේ .

පළමු ඡන්ද ප්‍රතිඵලය අද (14) මධ්‍යම රාත්‍රීයට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණයේ ඡන්දය සළකුණු කිරීම අද (14) පස්වරු 4.00 ට අවසන් විය. 

Continue Reading

පුවත්

මැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට ඩ්‍රෝන යානා

Published

on

By

මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බව පොලීසිය සඳහන් කරයි .

කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථානද ඩ්‍රෝන යානා මඟින් නිරීක්ෂණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

එමෙන්ම මහ මැතිවරණයට අදාළ තොරතුරු දැනුම්දීම සඳහා 0112 42 11 11, 0112 027 149 සහ 0112 013 244 යන විශේෂ දුරකථන අංක කිහිපයක්ද ක්‍රියාත්මක බව එම මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved