Connect with us

පුවත්

හෙට සිට බණ්ඩි පොහොර මිල පහළට

Published

on

හෙට සිට (15) බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි.

පුවත්

ආපදාවෙන් පීඩාවට පත් පිරිසට සහන සැලසීමට රජයේ අවධානය

Published

on

By

පසුගිය දින කිහිපයේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සෘජුව සහ වක්‍රව පීඩාවට පත් ජනතාව සහන සැලසීම වෙනුවෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ආපදාවට පත්ව ඇති ජනතාව ඉන් මුදා ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය පිළිවෙත් යොදන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවය.

ඒ සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබා දුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 139,439 සහ පුද්ගලයින් 469,872ක් අවතැන්ව ඇති බවත් මරණ 18ක්, තුවාල වීම් 20ක්ද වාර්තා වී ඇති බවය.

මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 247ක මුළු පවුල් සංඛ්‍යාව 12,348 පුද්ගලයින් 38,616ක් රඳවා සිටි නමුත් එම සංඛ්‍යාව නිෂ්චිත මධ්‍යස්ථාන 79ක් සහ පවුල් 2494ක් සහ පුද්ගලයින් 7946ක රඳවා සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

කෙසේ නමුත් පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වක්‍රව ආපදාවට ලක්ව ඇති පිරිස මෙම අගයන්ට වඩා ඉහළ අගයක් ගන්නා බැවින් ආපදා සහන සහ පසු ආපදා සහන සැලසීමේදී රජය මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි – සජීවි විකාශය

Published

on

By

පාර්ලිමේන්තු සභාවාරය අද (03) පෙරවරු 09.30ට ඇරඹුණි.

ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ විවාදය සිදු කිරීමට නියමිතය.

තවද 10 වන පාර්ලිමේන්තුවේ තේරිම්කාරක සභාව ස්ථාපිත කිරීමට අද දිනයේ සැලසුම් කර තිබේ.


(පෙර පුවත් 2024 දෙසැම්බර් 03 පෙ . ව 09:02)

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (03) කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබද විවාදය සිදුකිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 5ට පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

මෙම සතිය තුළ පාර්ලිමේන්තුව ලබන 6 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර 2025 වසරේ පළමු මාස 4 සදහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව දෙසැම්බර් මස 5 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 යන දෙදින පැවැත්වීමට නියමිතය.

එමෙන්ම 10 වන පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාව ස්ථාපිත කිරීම ද අද සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් අදාළ පත්කිරීම සදහා එකගතාව පළකර ඇති බව සදහන් වේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර අවස්ථා දෙකක දී මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

Continue Reading

පුවත්

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තට

Published

on

By

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ.

ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කර ඇත.

ඔහු 2015 – 2019 අතර කාලයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 36,093කි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved