අද(31) දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02,සහ 03 දිනයන්හි වැඩිවිමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසි ඇතවිය හැකි බවද කාලගුණ අනාවැකියේ දැක්වේ.
එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වව්නියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
වැස්සත් ජලාශ පිරිලා නෑ
මේ අතර, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තැනින් තැන වැසි ලැබුණද, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් යටතේ පාලනය වන ජලාශවල ජල ධාරිතාව මෙතෙක් වැඩිවීමක් සිදුවී නොමැති බවයි.
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ, ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කර ඇත්තේ, මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල ධාරිතාව අක්කර අඩි ලක්ෂ 8 ක් පමණ බවයි.
මෙය ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් ජලාශවල පැවතිය යුතු ජල ධාරිතාවෙන් 27% කි.