Connect with us

පුවත්

හෙරොයින් විශාල ප්‍රමාණයක් ළඟ තබාගත් ක්‍රිකට් ක්‍රීඩක මධුසංඛ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Published

on

හෙරොයින් විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගත් බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මධුසංඛ පන්නල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණට ඉදිරිපත් කරමින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඉල්ලාසිටි රැඳවුම් නියෝගයක් ජුනි 01 දක්වා ලබාදීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා ඊයේ (26) නියම කළේය.

එලෙසින් රැඳවුම් නියෝග ලද මධුසංඛ මීට පෙර අවස්ථාවකදීද එසේ හෙරොයින් සන්තකයේ තබාගෙන සිටීම හේතුවෙන් එම අධිකරණය මගින්ම රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි බව පොලිසිය එහිදී මහේස්ත්‍රාත්වරයා දැන්වීය.

නිවසේ හෙරොයින් තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව නිවසට ගොස් පරීක්‍ෂා කිරීමේදී පොලිසිය දුටු සැකකරු පුටු සැටියකට මුවා වී සිටි බවත් සැකකරුට අයත් ක්‍රීඩා කුසලාන පිරික්සීමේදී එම හෙරොයින් තොගය සොයාගත් බවටත් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිසිය එහිදී කියා සිටියේය.

පොලිසිය ඉල්ලාසිටියේ සැකකරුට හෙරොයින් ලැබෙන ආකාරය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බැවින් එසේ රැඳවුම් නියෝගයක් ඉල්ලා සිටින බවයි.

මීට පෙර, හෙරොයින් ග්‍රෑම් 2ක් හා මිලිගෑම් 700ක් සන්තකයේ තබාගෙන සිටියදී මධුසංඛ පොලිසියට කොටුවී තිබිණි.

පන්නල ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු සන්තකයේ එවැනි මත්කුඩු තොගයක් ඇතැයි පන්නල පොලිසියට ලද පැමිණිල්ලක් මත පන්නල කූඩලුපොත්ත ප්‍රදේශයේදී සැකකාර ක්‍රිකට් ක්‍රීඩකයාට අයත් මෝටර් රිය පරීක්‍ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබූ එම මත්කුඩු පන්නල දූෂණ මර්ධන ඒකකයේ නිළධාරීන් විසින් සොයාගෙන තිබුණා.

ශෙහාන් මදුෂංක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 2018 දී පැවති ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර තරඟයේදී, කඩුලු ත්‍රිත්වයක් ද ලබා ගනිමින් වාර්තා අතරට එක්වූ ක්‍රීඩකයෙකි.

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved