Connect with us

පුවත්

හොර නම්බර් ප්ලෙට් සහිත වාහනයක් පැදවූ විශ්‍රාමික නාවිකයෙක් දැලේ!

Published

on

ව්‍යාජ අංක තහඩු සවි කරන ලද මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

සැකකරු සමඟ පොලිස් භාරයට ගත් මෝටර් රථයේ චැසි හා එන්ජින් අංක මකා වෙනස් කර තිබූ බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලික ආරක්ෂක සේවාවක ඉහල නිලයක් දරන පුද්ගලයකු ව්‍යාජ අංක තහඩු සවි කරන ලද මෝටර් රථයක් පරිහරණය කරන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය ලද තොරතුරකට අනුව සැකකරු මෝටර් රථය පදවා ගෙන යමින් සිටියදී රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් භාරයට ගත් එම මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී එහි සවිකර තිබෙන ලියාපදිංචි අංකය අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකුට හිමි සුඛෝපභෝගී වූ මෝටර් රථයකට මොටර් රථ දෙපාර්තමේන්තුවේන් ලබාදී ඇති ලියාපදිංචි ලද අංකයක් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරු පදවා ගෙන යමින් සිටියදී පොලිස් භාරයට ගත් සුඛෝපභෝගී මෝටර් රථය සොරාගත් එකක්ද ? කොටස් එකලස් කර සකස් කරන ලද එකක්ද? යන්න සොයා බැලීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන බව පොලීසිය කියයි.

සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved