චීන බෞද්ධ සංගමයේ ප්‍රමුඛත්වයෙන් පැවැත්වෙන ෆාෂියාන් පුණ්‍ය භාරය වැඩසටහන යටතේ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනේ තවත් අදියරක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (05) සිදු විය.
ඒ අනුව ආර්ථික අපහසුතාවෙන් පෙළන පවුල් සඳහා වියළි ආහාර මළු 1,500ක තොගයක් බෙදාදීම සිදු කෙරුණි.
මෙම ආධාර බෙදාදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතාද සහභාගි විය.
කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 5ක ගැබිනි මවුවරුන්, කිරිදෙන මව්වරුන්, බෝනොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්, ආබාධිත සහ අඩුආදායම්ලාභීන් 2300කට පමණ දිනපතා පෝෂ්‍යදායී ආහාර වේලක් පිරිනැමීමේ ගංගාගරාම විහාරස්ථානයේ වැඩසටහනද නිරීක්ෂණය කිරීමටද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ චීන තානාපති චීන තානාපති චී ෂෙන්හොං මහතා යන මහත්වරු එක්වූහ.
සබැඳි පුවත්
ෆාෂියාන් ව්‍යාපෘතියෙන් තවත් ආහාර මලු 2,500ක්
“දලයි ලාමාගේ සංචාරයකින් ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය පළුදු විය හැක” (වීඩියෝ)
චීනයේ වියළි සලාක මලු යාපනයේ බෙදා හැරේ (ඡායා)
ෆාෂියාන් පුණ්‍ය භාරය වැඩසටහන අනුරාධපුරයේදී ඇරඹෙයි (ඡායා)