Connect with us

පුවත්

ෆෙන්ගල් අද තමිල්නාඩුවට

Published

on

ෆෙන්ගල් සුළි කුණාටුව අද (30) පස්වරුව වනවිට තමිල්නාඩු, පුදුචෙරි වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

මේ හේතුවෙන් දිවයිනේ කාලගුණයට වන බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියා සිටී.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

මේ අතර, ත්‍රිකුණාමලය සිට කන්සන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීමෙන් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට උපදෙස් දෙයි.

කෙසේවුවද, මහවැලි ගඟ, යාන් ඔය ඇතුළු ගංගා කිහිපයක් ආශ්‍රිතව තවදුරටත් ගංවතුර තත්ත්වයක් පවතියි. 

වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මහා පරිමාණ ජලාශ 40 ක් හා මාධ්‍ය පරිමාණ ජලාශ 113 ක් මේ වනවිට වාන් දමමින් ඇතැයි එහි ජල කළමනාකාරණ අංශයේ ඉංජිනේරු ලහිරුනී ජයතිලක මහත්මිය සඳහන් කළා ය.

මේ අතර දිස්ත්‍රික්ක 05කට නිකුත් කළ නායයෑම් පිළිබද පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි.

බදුල්ල, මහනුවර කෑගල්ල මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත් ය.

මේ අතර , අධික වැසි සමග ඇතිවූ ආපදාවලින් මිය ගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබේ.

19 දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකු අතුරුදන් ය.

අධික වැසි සහිත ආපදාවලින් පුද්ගලයින් හාර ලක්ෂ 41 දහස් 373කට තවදුරටත් බලපෑම් එල්ලවී තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, දිස්ත්‍රික් 24 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 229 ක ආපදා තත්ත්වය පවතින බවයි.

නිවාස 99 කට පූර්ණ හානිවී ඇති අතර අර්ධ හානි වී ඇති නිවාස සංඛ්‍යාව 2,082 කි.

පුවත්

ලංගමයේ හිටපු උප සභාපති අත්අඩංගුවට

Published

on

By

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

Continue Reading

පුවත්

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

Published

on

By

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලනය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය  පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් මැයි මස 10 වැනි දින සිට 16 වැනි දින දක්වා සතියක කාලයක් වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමටත් පියවර ගෙන තිබේ.

ඒ අනුව එම කාල සීමාව තුළ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Continue Reading

පුවත්

ආර්ථික සංගණනයක්

Published

on

By

2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2013/14 වර්ෂයන්හිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට ආර්ථික සංගණනය පවත්වා තිබේ.

එම සංගණනයේදී රැස් කරන ලද දත්ත යාවත්කාලීන කිරිම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර දෙකකින් ආවරණය වන පරිදි, 2025 සහ 2026 යන වර්ෂයන්හි දී ආර්ථික සංගණනය පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමැතිය ලබාදී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved