පුවත්

ෆොන්සේකාට, තරිදුට කොළඹ පාරවල්වලට ඇතුළුවීම අධිකරණය තහනම් කරයි

Published

on

මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට මාර්ග අවහිර වනසේ විරෝධතා පාගනකින් මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් පුද්ගලයන් පිරිසකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝගයක් නිකුත් කර තිබේ.

මරදාන පොලිස් ස්ථානාධිපතිට ලැබුණු තොරතුරක් මත ඔහු විසින් එම පාගමන තහනම් කරන ලෙසට කළ ඉල්ලීමකට අනුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

එම නියෝගයේ සඳහන් වන්නේ, කොළඹ ඩීන්ස් මාවත, කුලරත්න මාවත, ටී.බී ජයා මාවත සහ ටෙක්නිකල් හන්දිය යන ප්‍රදේශවලට ඇතුළුවීමෙන් වළකින ලෙසටය.

පූජ්‍ය පාගොඩ විජිතවංශ හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ තරිදු උඩුවරගෙදර ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකුට එරෙහිව එම නියෝගය නිකුත් කර ඇත.

Trending

Exit mobile version