ඇමරිකානු තානාපතිනි චන්ග්ට ලංකාවෙන් පිට වන්නැයි කියයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියට රටින් පිටව යන්නැයි කියමින් ඊයේ (13) කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණ. හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සමග දේශපාලන හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ඊට එක්ව සිටියේ ය. විරෝධතාවගේ නිරතවූ පිරිස තානාපති කාර්යාලයට ලිපියක්ද භාර දුන්නේ ය. ඡායාරූප – ඩේලි මිරර්