ප්‍රචණ්ඩකාරි සිදුවීම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු යාපනය කොකුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මාර්තු මස 03 වනදා කොකුවිල් ඥානපණ්ඩිත පාසල ආසන්නයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවල සිදු කොට පලා ගිය පිරිසක් සම්බන්ධව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂණයක් අතරතුරදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් ප්‍රචණ්ඩක්‍රියා සඳහා භාවිතා කරනු ලැබූ තියුණු ආයුධ, යතුරුපැදි මෙන්ම මත්ද්‍රව්‍ය තොගයක්ද හමුවී තිබේ.
යාපනයේ ක්‍රියාත්මක වන කඩු කල්ලි සඳහා සෘජුවම දායකවන පිරිසක් වශයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් හැඳින්විය හැකි බවටත් යාපනය කොකුවිල් ප්‍රදේශයේ පදිංචි ඔවුන් යාපනය අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.