Connect with us

පුවත්

කළුතර OICගේ නිවස ආයුධ සන්නද්ධ කල්ලියක් කොල්ලකයි

Published

on

යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ නිවසක් කොල්ලකා තිබේ.

ඒ, කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන් කුමාර මහතා පදිංචි වැලිපැන්න, බොන්දුපිටිය, කුරුන්ද පාරේ පිහිටි නිවසයි.

අද (03) දහවල් යතුරුපැදිවලින් කඩාවැදුණු සන්නද්ධ කල්ලිය නිවසේ තිබූ ජංගම දුරකථන 2ක් සහ රන් ආභරණ කොල්ලකා පළාගොස් ඇතැයි වැලිපැන්න පොලීසිය පවසයි.

කොල්ල කල්ලිය කඩාවදින මොහොතේ පොලිස් පරීක්ෂකවරයා නිවසේ සිට නොමැති අතර නිවසේ සිට ඇති පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ කොල්ලකරුවන්ගේ ප්‍රහාරයන්ට ලක්වී තුවාල ලබා ඇත.

සැකකරුවන් ටී56 ගිනිඅවියක් රැගෙනවිත් තිබේ.

කළුතර සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

පුවත්

විමල්ගේ නිමල් රනිල් ළඟට!; විමල්ගේ ෆෝන් එකත් ගොළු වෙයි

Published

on

By

පසුගිය දිනවල විමල් වීරවංශ මහතාගේ දුරකථනය හිටි හැටියේම ප්‍රතිචාර දැක්වීම නවතා දැමීම හේතුවෙන් දේශපාලන ක්ෂ‍ේත්‍රය තරමක් කලබලට පත්ව තිබූ බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් කාටුන් ශිල්පීන්ටත් අමතක නොවන විමල්ගේ දුරකථනය කිසිම විටක ඔෆ් නොකරන බව ප්‍රසිද්ධ රහසකි.

කෙසේවුවද, මෙසේ ඔහුගේ දුරකථනය විසන්ධිකර තැබීමට ඔහුගේ කිට්ටුම මන්ත්‍රීවරයෙක්වන නිමල් පියතිස්ස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා වූ නුවරඑළියේ පැවැති අවුරුදු උත්සවයට සහභාගිවීම හේතු වී ඇති බවට ද කට කතා පැතිර තිබිණි.

ඇත්තටම සිදුව තිබුණේ විමල් ෆෝන් එක ඔෆ්කර ඇත්තේ තවත් පොතක් ලියන්නටය.

ඔහුගේ උපන් දිනය ලබන මැයි 15 වැනිදාට යෙදී ඇති අතර එදිනට ඔහු තවත් පොතක් ලියා එළි දැක්වීමට සැලැසුම් කර තිබේ.

මේ අතර, විමල්ගේ මන්ත්‍රී නිමල් පියතිස්ස නුවර එළියේ අවුරුදු උත්සවයට සහභාගි වී ඇත්තේ එම අවුරුදු උත්සවය සංවිධානය කළ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා යූත් අපි සංවිධානයේ ආරාධනයකට අනුව බවයි.

Continue Reading

පුවත්

කෙහෙළියග‍ේ ගෙදර අය තවමත් පදින්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 

Published

on

By

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාරගත කර මාස 2 1/2 කට ආසන්න කාලයක් ගතවී ඇතත්, ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි කාලයේ ලබාදුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ලබාදී නැතැයි වාර්තා වේ.

මේව බව හෙළිව ඇත්ත‍ේ අදාළ වාහන දෙක අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලමින් අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට ඊයේ (17) සිදු කළ පැමිණිල්ලක් සමඟය.

ඔහු සිය පැමිණිල්ල මගින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට විජේරාම මාවතෙන් ලබාදී ඇති නිල නිවසද මේවන විට අවභාවිතාවට පත්ව ඇති බවත්, ඒවා භුක්තිවිදින්නේ ඔහුගේ දරුවන් බවත් කියා සිටී.

කෙහෙළිය මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්කර මේවන විට මාස 6ක් ගතවන බවද ඔහු පෙන්වා දී ඇත.

Continue Reading

පුවත්

සහරාන්ට උඩින් හිටිය “අබුහින්ඩ්” කවුද? – උපුල් කුමරප්පෙරුම

Published

on

By

පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු කණ්ඩායමට ඉහළින් සිටි බවට ජනාධිපති කොමිෂමේදී හෙළිවූ “අබුහින්ඩ්” නම් පුද්ගලයා ගැන කිසිදු පරීක්ෂණයක් කර නැතැයි ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම මහතා කියයි.

ඒ මහතා ජාතික ජන බලවේගය ඊයේ (17) පෙරවරුවේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

ඔහු අයි.එස්.අයි.එස්. සාමාජිකයෙක්ද ඔහු විදේශිකයෙක්ද, ඔහු ශ්‍රී ලාංකිකයෙක්ද එහෙමත් නැතිනම් එය ඇත්ත නමක්ද බොරු නමක්ද එවැනි ආරූඪ නාමයකින් කෙනෙක් ජීවත් වෙනවාද වැනි මෙතෙක් තහවුරුකරගෙන නැතැයි ද ඔහු කීය.

පාස්කු ප්‍රහාරය එල්ල කළ ස්වයං ඝාතක කණ්ඩායම් නිර්මාණය කිරීම අවුරුදු ගණනාවක් සිදු කරන ලද මොළ සේදීමේ ප්‍රතිඵලයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

එසේම ස්වයං ඝාතක කණ්ඩායම් පුහුණු කිරීම යූටියුබ් බලා කෑම පිසීමට ඉගෙන ගන්නවා වැනි සරළ කාරණයක් නොවන බවත් ඔහු අවධාරණය කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ කුමරප්පෙරුම මහතා,
“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මම එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ශානි අබේසේකර යන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියා. 

එම කොමිසමේදී අනාවරණය වූ කරුණු අනුව විමර්ශන කටයුතු සිදුවුණේදැයි සහ මේ ප්‍රහාරය සිදුකරන්නේ මොන වගේ කුමන්ත්‍රණකාරී පසුබිමකදැයි මූලික වශයෙන් පැහැදිලි කරන්නම්. මේ කුමන්ත්‍රණය සිදුකරන්නේ දේශපාලන බලපෙරළියක් සඳහා වූ වුවමනාවකින්ද, 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වෙනවාත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ක්‍රියාවලිය ඒ දක්වා සිදුකළ නිලධාරීන් මාරුකර ඉන් පසුව සම්පූර්ණයෙන්ම අඩපණ කර දමනවා. මේ කරුණු පිළිබඳව අද දක්වාම කිසිදු විමර්ශනයක් සිදුකර නැහැ. සහරාන් ඇතුළු කණ්ඩායමට ඉහළින් සිටින අබුහිඩ් නම් පුද්ගලයෙක් ගැන ජනාධිපති කොමිෂමේදී හෙළි වුණා. නමුත් ඔහු පිළිබඳව මේ දක්වා ඔහු අයි.එස්.අයි.එස්. සාමාජිකයෙක්ද ඔහු විදේශිකයෙක්ද, ඔහු ශ්‍රී ලාංකිකයෙක්ද එහෙමත් නැතිනම් එය ඇත්ත නමක්ද බොරු නමක්ද එවැනි ආරූඪ නාමයකින් කෙනෙක් ජීවත් වෙනවාද වැනි කරුණු කිසිවක් ගැන පරීක්ෂණ පවත්වා නැහැ.

“තාජ් බෝ‍බේ පුපුරන්න කළින් බුද්ධි නිලධාරීන් එය පිපිරවූ ජමීල්ගේ නිවසට ගියේ ඇයි?

“ප්‍රහාරය එල්ලවීමත් සමගම වාගේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නඩු පවරා ඒ නඩුවලින් ඔවුන් නිදහස් වූවා. ඊට අමතරව විශේෂ අපරාධ නඩුවක් මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ඉදිරියේ තවමත් විභාග වෙමින් පවතිනවා. ඒ හැර වෙනත් කිසිම අපරාධ නඩුවක් අද වෙනතුරු අධිකරණයක් ඉදිරියේ පවරා නැහැ. 

ඒ වගේම තාජ් හෝටලයේ බෝම්බ පුපුරවා ගත් ජමීල්, දෙහිවල පල්ලියකදී ආරක්ෂක නිලධාරියාගේ ප්‍රශ්න කිරීමට ලක්ව ඔහුගේ පදිංචිය තහවුරු කර ගන්න කොලොන්නාවේ නිවසට දුරකථන ඇමතුමක් ගන්නවා. එයට උත්තර දෙන්නේ බුද්ධි අංශ නිලධාරීන්. ඔවුන් ජමීල්ගේ ගෙදර ගිහින් හිටියේ ඇයි කියලා මේ දක්වා විමර්ශනයට ලක්කර තිබෙනවාද? ඒ වගේම සාරා ජෙස්මින් සම්බන්ධයෙන් පරස්පර විරෝධී ප්‍රකාශ ගණනාවක් තිබෙනවා. 2023 දක්වා සාරා ජෙස්මින්ගේ ඩී.එන්.ඒ. සාම්පල් පරීක්ෂා කර බැලුවත් අවස්ථා කිහිපයකදීම සමපාත වුණේ නැහැ. අවසන් වශයෙන් එම සාම්පල් තහවුරු වූ බව කීවත් ඒ සම්බන්ධයෙන් විශාල සැකයක් සමාජයේ පවතිනවා. ඩී.එන්.ඒ. සම්බන්ධයෙන් මේ කතාව ඇත්තක්ද? වෙනත් දෙයක් හංගන්න කරන උත්සාහයක්ද? ඒ වගේම සාරා ජෙස්මින් සත්‍ය වශයෙන්ම මරණයට පත්වූවාද? නැත්නම් ජීවත් වෙනවාද? මේ වැනි කරුණු ගණනාවක් විමර්ශන තුළින් නිරාකරණය වී නැහැ.

මේක කුඩු නෙට්වර්ක් එක වගෙයි කුඩු අහුවුණාට උඩින් ඉන්න කෙනා අහුවෙන්නේ නැහැ

එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් සිය දිවි නසා ගන්නා ඝාතක කණ්ඩායම් නිර්මාණය කළේ සෑහෙන කාලයක් ගිය පසුවයි. යූ. ටියුබ් බලලා කෑම උයන්න ඉගෙන ගන්නවා වගේ වැඩක් නොවෙයි, මෙවැනි ස්වයං ඝාතක කණ්ඩායම් නිර්මාණය කිරීම. ඔවුන්ගේ මොළ සුද්ද කළේ කවුද? මෙවැනි කණ්ඩායම් පුහුණු කිරීමට අවුරුදු කීයක් ගතවෙනවාද? මේකත් හරියට ලංකාවේ කුඩු නෙට්වර්ක් එක වගෙයි. කුඩු අහුවෙනවා, උඩින් ඉන්න කෙනෙක් සොයා ගන්න බැහැ. සහරාන්ලට මේ පාඩම් ඉගැන්වූ පුද්ගලයන් කවුදැයි මේ දක්වා විමර්ශනවලින් හෙළිකර ගෙන නැහැ. මුලින් විමර්ශනය කළ නිලධාරීන් පන්නා දැමුවාට පස්සේ විමර්ශන කටයුතු නිසියාකාරව සිදුවුණාද? මෙවැනි ගැටලු නිරාකරණය කර ගන්න නම්, වින්දිතයන්ට සාධාරණයක් ඉටුකර ගන්න නම්, අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතුයි. අපි මේ ප්‍රඥප්තියෙන් තහවුරු කරන්නේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ රටේ ජනතාවට ඉටුකළ යුතු යුක්තිය ඉටුකරන බව අවධාරණය කරන්නයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved