Connect with us

පුවත්

කිරිපිටි මිල අඩු කරයි!

Published

on

අද සෙනසුරාදා (01) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක මිල රු. 200 කින්ද, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු. 80 කින්ද අඩු කිරීමට නියමිතය.

කෙසේවුවද, ආනයනකරුවන්ගේ සංගමය කියා සිටින්නේ සති අන්ත නිවාඩුවෙන් පසු සඳුදා නව මිල ගණන් සහිත කිරිපිටි පැකට් වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

පුවත්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මිලියන 295ක් වන්දි ලෙස ගෙවලා!

Published

on

By

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත්වූ සහ තුවාල ලැබූ පුද්ගලයන් සහ හානියට පත් දේපළ වෙනුවෙන් රුපියල් මිලියන 295කට අධික මුදලක් (295,499,069.00ක්) වන්දි වශයෙන් ගෙවා ඇති බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ වාර්ෂික වාර්තාවලින් අනාවරණය වේ.

ඒ යටතේ මරණයට පත්වූ හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් 273,747,000ක් සහ හානියට පත් දේපළ වෙනුවෙන් රුපියල් 21,752,069ක් වන්දි ලෙස ගෙවා ඇත.

එම වන්දි ප්‍රදානය කර ඇත්තේ මරණයට පත් වූ හා සදාකාලික දුබලතාවයට පත් වූ අයකු සඳහා රුපියල් මිලියනයක්, වෛද්‍ය වාර්තාවේ සඳහන් ආකාරයට තාවකාලික හා සදාකාලික දුබලතාවයෙහි ප්‍රතිශතය මත පදනම්ව උපරිමය රුපියල් 500,000ක්, හානියට පත් වූ දේපළ සඳහා රජයේ ප්‍රධාන තක්සේරු නිලධාරියාගේ තක්සේරු කිරීමෙන් අනතුරුව උපරිමය රු. 5,000,000 දක්වා මුදලකට යටත්වය.

මරණයට පත්වූ හා තුවාල ලැබූ පුද්ගලයන් 719 දෙනකුට මේ යටතේ වන්දි ප්‍රදානය කර ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

පාලිත තෙවරප්පෙරුම හා ඒ.ටී. ආරියරත්න මහතුන්ට ජනපති අවසන් ගෞරව දක්වයි (ඡායා)

Published

on

By

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) දිනයේදී අභාවප්‍රාප්ත හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයටද සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහයටද අවසන් ගෞරව දැක්වීය.

තෙවරප්පෙරුම මහතාගේ දේහය තැන්පත් කර තිබූ මතුගම යටදොලවත්තේ පිහිටි ඔහුගේ නිවසටද, ආරියරත්න මහතා ගේ දේහය තැන්පත් කර ඇති මොරටුව සර්වෝදය මූලස්ථානය වෙතටද ගිය ජනපතිවරයා පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය. 

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මීට එක්විය.


Continue Reading

පුවත්

පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක්

Published

on

By

 පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඇරඹේ 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත  ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින්  ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර  ගබඩා පරිශ්‍රයේදී අද (19) ආරම්භ කෙරිණි.

පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබලකරණය කරන ලද සහල් (Fortified  Rice)  පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් මහතාගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.

ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම අද ආරම්භ වූ අතර එය හෙට (20) දිනයේද ක්‍රියාත්මකය. අදාළ ප්‍රදේශයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම සහල් තොගය පාසල් වෙත භාරදීම සිදු කරයි.

මේ අතර ලබන මැයි 19 වන දින නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසුව පරිප්පු මෙට්‍රික් ටොන් 378.835ක්, සන්ෆලවර් පිසින තෙල් මෙට්‍රික් ටොන් 412.08ක්, රට ඉඳි මෙට්‍රික් ටොන්300ක් ද පාසල් වෙත බෙදා දීමට නියමිත බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් මහතා පැවසීය. 

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර දිනපතා පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙයි.

“නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDIA) ඇතුළු තවත් සංවිධාන කිහිපයක් විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-04-19

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved