Connect with us

පුවත්

කුෂාන් අල්ලන්න යද්දී හදිස්සියේ ආ මාධ්‍ය සාකච්ඡාව ගැනත් සැකයක්!

Published

on

ඕමානයේ ගණිකා ජාවාරමක් සිදු කළ බව කියන එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන නිලධාරියා වන ඊ. කුෂාන් නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමට සැලැසුම් සකසමින් සිටියදී මෙරට රූපවාහිනී නාලිකාවක් ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක් කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට දැඩි සැකයක් මතුව ඇතැයි වාර්තා වේ.

ඊ. කුෂාන් නැමැත්තා ඕමානයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට ලක්ව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රැකවරණය පතා යන කතුන්ට අයුතු බලපෑම් කර ලිංගික අඩත්තේට්ටම් කළ බවට මේ වනවිට එසේ අතවරයට ලක්වූ තරුණියන්ගෙන් චෝදනා එල්ලවී තිබේ.

මෙම සැකකරුට එරෙහිව කාන්තාවන් කිහිප දෙනෙක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර ඇත.

ඒ අනුව මෙම පුද්ගලයා එරට සේවය සඳහා ගොස් විවිධ හිරිහැරයන්ට ලක්ව රැකවරණය පතා ගිය කතුන් රැසකට ලිංගික අඩත්තේට්ටම්කර ඇති බවත් රැකවරණය පතා එන ඇතැම් කතුන්ව ඒ අයව එරටට ගෙන්වා ගත් ඒජන්සි වෙත නැවත භාරදෙන බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයාව මෙරටට එවීමට ඊයේ වන විට ශ්‍රී ලංකාවේ ඕමාන් තානාපති කාර්යාලය විසින් අවශ්‍ය පියවර ගෙන තිබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය තොරතුරුවලින් වාර්තා වේ.

ඒ අනුව අද හෝ හෙට ඔහු මෙරටට පැමිණීමට නියමිතව ඇත.

මෙසේ තිබියදී ඕමානයේ මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් තමා සතු සියලු තොරතුරු විමර්ශන අංශ වෙත ලබාදෙන බව ඕමානයේ හිටපු තෙවැනි ලේකම්වරයා අද දෙරණ සමග වීඩීයෝ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබිණි.

මේ අතර මිනිස් වෙළෙඳාම් චෝදනා එල්ලවී වැඩ තහනම්ව සිටින ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා පිළිබඳ මීට පෙර තීරණයක් නොගැනීම සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ නිලධාරීන්ට කෝපා හෙවත් රජයේ ගිණුම් කාරක සභාවේදී දැඩි විවේචන එල්ලවුණි.

ඊ.කුෂාන් – වැඩ තහනමට ලක්ව සිටින තෙවැනි ලේකම්

ලියවිල්ලක්වත් නැතුව තැරැව්කරුවන්ට විකුණනවා අවුරුදු 20 ට අඩු දරුවන් පවා දූෂණය වෙලා තියෙනවා මීට එරෙහිව මම දැඩිව නීතිය ක්‍රියාත්මක කළා ඒ නිසා විසිට් වීසා මාෆියාව මාත් සමග උරණ වුණා 2022 දී 44 දෙනෙක් විසිට් වීසා මත ආවා ඔවුන්ට විවිධ කරදර වෙලා බහුතරයක් දූෂණය වෙලා

නදුන් අබේරත්න – අද දෙරණ

කොහොමවුනත් එක කාන්තාවකගෙන් පමණක් නෙවෙයිනේ ඔබට චෝදනා එල්ල වෙන්නේ.කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ඔබට විරුද්ධව චෝදනා කරනවා.විශේෂයින්ම ඔවුන් කියනවා ඔබ හිරිහැර කරනවා,ලිංගික අතවර කරලා තියෙනවා.එක කාන්තාවක් කියනවා ඔබ විසින් ඇයව දූෂණයට ලක් කළා කියලා.මේ වගේ දැවැන්ත චෝදනා.ඇයි මෙහෙම වෙන්නේ ?

ඊ.කුෂාන් – වැඩ තහනමට ලක්ව සිටින තෙවැනි ලේකම්

“දූෂණය වෙච්ච කියන ළමයෙක් ඉන්නවා ෆාතිමා සහරානා කියලා, එයා අවුරුදු 20දී ඩුබායි වලට ඇවිල්ලා. ඊට පස්සේ ඩුබායි බෝඩර් එක ක්‍රොස් කරලා ඒජන්සිය හරහා හාම්පුතෙකුට විකුණනවා මෙයාව . පස්සේ මේ හාම්පුතාගෙන් මාසයක් කාලයක්‌ මෙයා දූෂණය වෙනවා මේ පොඩි ළමයා. ඊට පස්සේ මේ ළමයා එම්බසියට පැනලා එනවා. මෙයාලා හිතන්නේ අපි ළඟ පාස්පෝට් තියෙනවා. අපි ළඟ සියලු දේ තියෙනවා. එම්බසියට පුළුවන්කම තියෙද්දී මෙයාලා අපිව ලංකාවට යවන්නේ නෑ කියලා. ඒ දැඩි වෛරයේ කෙළවරේම ඉන්නේ මම. මොකද මම ප්‍රධානියා හින්දා. මේ ළමයි විසිට් වීසා ඇවිල්ලා පාස්පෝට් එකයි වීසා එකයි නැතුව මෙයාලා ගණිකා නිවාසවලට විකිණුවා රියාල් 1200ට. ඒක මම අල්ලලා දුන්නා ඕමාන් පොලීසියට. එක්කෙනෙකුට රියාල් 1000ක ගානේ දඩ වැදුණා.මෙයාලට මේ ගහපු දඩයත් එක්ක මෙයාලා දැඩි ලෙස මාත් එක්ක වෛරයෙන් ඉන්නේ. සංවිධානාත්මකව ඩුබායි සුද්දත් එක්ක එකතුවෙලා මට විරුද්ධව දැවැන්ත ටික් ටෝක් ව්‍යාපාරයක් ගෙනිච්චා.”

නදුන් අබේරත්න – අද දෙරණ

දැන් ඔබේ වැඩ තහනම් කරලා තියෙන්නේ.ඔබට තවදුරටත් ඕමාන රාජ්‍යයේ රැඳී ඉන්න බැහැ.ඔබට එන්න කියලා තියෙන්නේ.ඔබ කවදද ලංකාවට එන්නේ ?

ඊ.කුෂාන් – වැඩ තහනමට ලක්ව සිටින තෙවැනි ලේකම්

“මෙහෙම එන්න කිව්වට මට එකපාරටම එන්න බැහැ. මම වගකීමක් තියෙන නිලධාරියෙක් විදියට අනිවාර්යයෙන්ම ලංකාවට එනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මිනිස් වෙළෙඳාමේ ජාලය ගැන තොරතුරු කඩිනමින් දෙන්න බලාපොරොත්තුවනවා.”

වීඩියෝ අනුග්‍රහය – අද දෙරණ

පුවත්

මහින්දානන්දට එරෙහිව තීන්දුවදීම තවත් කල් යයි

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මේ මස 30 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කලේය.

මෙම නඩුවේ තීන්දුව අද (25) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

එහෙත් මහාධිකරණ විනිසුරු නවරත්න මහරසිංහ මහතා සඳහන් කළේ, එහි තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 30 වන දා සිදුකරන බවය.

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම හිටපු අමාත්‍යවරයාට එරෙහි චෝදනාව යි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකරන ලදී.

Continue Reading

පුවත්

රට පුරා සන්නද්ධ හමුදාව කැඳවයි

Published

on

By

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද  යාපා අබේවර්ධන  මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

40 වෙනි අධිකාරියවූ  මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

Continue Reading

පුවත්

සා. පෙළ විභාගය ගැන දැනුම්දීමක්

Published

on

By

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.

ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇත.

එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 සිට 15 වන දින දක්වා පැවැත්විමට සැලසුම් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කලේ,  පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට කටයුතු කරන බව ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved