කොටහේනේ වෙඩි තැබීමකින් අයෙකු මරුට!

කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද (21) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇත. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලsසිය විසින් ගිනිඅවියක් ද භාරයට ගෙන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ඇතැයි වාර්තා වේ. කොටහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.