Connect with us

පුවත්

චීනයෙන් තවත් සහල් පරිත්‍යාගයක්

Published

on

චීනය විසින් පරිත්‍යාග කරන ලද නව සහල් තොගයක් රැගත් නෞකාවක් අද (19) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.

මෙම මෙට්‍රික් ටොන් 1,000ක (පැකට් 100,000) පරිත්‍යාගය දිවයින පුරා පාසල් වෙත බෙදා හැරීමට නියමිතය.

 මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයට අනුව, මේ වසරේ ජූනි මාසයේ සිට ශ්‍රී ලංකාවට චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 7,000ක් (පැකට් 700,000) පරිත්‍යාග කර ඇත.

පුවත්

විභාග ප්‍රතිඵල නිකුත් වේ

Published

on

By

අද (19) දින ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීම සදහා පසුගිය වසරේ පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවිය.

විභාගය සමත් වු අයදුම්කරුවන් 735 දෙනෙකුගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ  https://www.doenets.lk වෙබ් අඩවියට ඇතුලත් කර ඇති බව පැවසේ.

මේ අතරින් ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ලැබූ පිරිස අධ්‍යාපන පරිපාලන සේවයට බදවාගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

තෙල් මිල ඉහළට?

Published

on

By

දිනෙන් දින වර්ධනය වෙමින් පවතින මැදපෙරදිග යුධ උණුසුම සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් විසින් මත පළ කරනු ලබයි.

ඔවුන් ප්‍රකාශ කරන පරිදි ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉන්ධන ප්‍රවාහන නෞකා ගමනාගමනයට බාධා කළහොත් මේ තත්ත්වය තවත් ගැටලු සහගත වනු ඇත.

මේ වනවිටද ඊශ්‍රායලය සහ ඉරානය අතර, උණුසුම මේ වනවිටත් පහළ ගොස් නොමැත.

ලොව දෛනික ඉන්ධන පරිභෝජනයෙන් 5න් 1ක් මැද පෙරදිග අපනයනකරුවන්ගෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරේ.

මේවන විට ලෝක වෙළදපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 90 මට්ටමේ පවතින අතර, යම්හෙයකින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් බොරතෙල් ඩැරලයක් ඩොලර් 130 දක්වා ඉහළ යාමේ අවධානමක්ද පවතින බව ආර්ථික විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙයි.

Continue Reading

පුවත්

පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු අද

Published

on

By

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද (19) දින සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ, අද (19) පස්වරු 2.00 ට මතුගම, කරම්පෑතර පවුලේ සුසාන භුමියේදී ය.

හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය මතුගම යටදොළවත්තේ පිහිටි නිවසේ මේ වන විට තැන්පත් කර තිබේ.

දේශපාලඥයින්, ප්‍රදේශවාසින් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිණෙමින් සිටී.

ඔහුගේ මතුගම පිහිටි වත්තේදි විදුලි සැර වැදීමෙන් තෙවරප්පෙරුම මහතා පෙරේදා පස්වරුවේ මිය ගියේ ය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved