Connect with us

පුවත්

ජනකගේ තනතුර ඩග්ලස්ට!

Published

on

මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ඩග්ලස් නානායක්කාර මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවට නිර්දේශ කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

නානායක්කාර මහතා දැනට මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස ක්‍රියා කරයි.

1983 වසරේ පරිපාලන සේවයට එක්වූ හෙතෙම රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු රැසක් දැරූවෙකි. 

අමාත්‍යංශ අතිරේක ලේකම්, අමාත්‍යංශ ලේකම් ආදී උසස් පදවි දරා විශ්‍රාම ගත් හෙතෙම පසුගිය ජූලි මස සිට මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස පත් කරනු ලැබීය.

ඒ් අනුව හිටපු සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තුව විසින් ඉවත් කිරීමෙන් හටගත් පුරප්පාඩුවට ඩග්ලස් නානායක්කාර මහතා පත්කෙරෙනු ඇතැයි පැවස‌ේ.

පුවත්

ඉරාන ජනපති මෙරටට පැමිණෙයි

Published

on

By

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි මහතා ඇතුළු දූත පිරිස මීට සුළු මොහොතකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට ළඟා විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉරාන ජනාධිපතිවරයා සහ දූත පිරිස පිළිගනු ලැබීය. 

ඉරාන ජනාධිපතිවරයාගේ එක් දින නිල සංචාරය අතරතුර උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

නව මන්ත්‍රීවරයෙක්  දිවුරුම් දෙයි

Published

on

By

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා වීරසේන මහතා එලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය.

Continue Reading

පුවත්

අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් යළි ආරම්භය අද

Published

on

By

2024 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (24) ආරම්භ වෙයි

2024.04.10 බදාදා දිනයෙන් පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් විය.

මේ අතර ලබන මැයි 06 වනදා සිට 18 වනදා දක්වා 2023 අධ්‍යනය පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතව ඇති නිසා මැයි 3 වන දින පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved