Connect with us

පුවත්

ජනපති සහ මාලදිවයින් උප ජනපති හමු වෙයි

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් (Faisal Naseem) මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාලදිවයින් උප ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර සුහද කථා බහකින්  අනතුරුව නායකයන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සහාය වන ලෙස මෙහිදී මාලදිවයින් උප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ ක්‍රියාවලියේ දී  මෙන්ම අධි සුඛෝපබෝගි සේවා භුක්තිවිඳින සංචාරකයන් මෙරටට ආකර්ශණය කර ගැනීම වෙනුවෙන් ලබාදිය හැකි සහාය පිළිබඳව ද මාලදිවයින් උප ජනාධිපතිවරයා දැනුවත් කළේය.

යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය සමඟ එක්වන ලෙස ද ජනාධිපතිවරයා මාලදිවයින් උප‍ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දියන් සාගර කලාපයට බලපා ඇති මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳවත්, එය මැඩලීම සඳහා එක්ව කටයුතු කිරිම පිළිබඳවත් මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළහ.

පුවත්

විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින්

Published

on

By

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.

වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස් ඇත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව යනාදී රටවලටය. ආර්ථික ගැටලු ඔවුන් මෙසේ විදේශගතවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බව වෛද්‍යවරු යෝජනා කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බවයි.

එම වෛද්‍යවරුන් බොහෝ පිරිසක් රටා අත්හැර ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

පිරිසක් විදේශ පුහුණුවීම් සඳහා ගොස් ඇති බවත් පුහුණුවීම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරුන් මේ වන විට පැමිණෙමින් සිටින බවත් ලේකම්වරයා කීවේය.

හෙදියන්ද දෙසීයකට වැඩි පිරිසක්ද රට රැකියාවලට ගොස් ඇතත් නව බඳවා ගැනීම හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධාවක් වී නැතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

රුසියානු හමුදාවට බැඳුන ලාංකිකයන්ගේ ලයිස්තුවක් ඉල්ලයි

Published

on

By

රුසියානු – යුක්රේන් යුද්ධයේදී රුසියානු හමුදාවට එක්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් රුසියාවට පැමිණ ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන හා සටන්වලදී මියගිය ගණන කොපමණ දැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරටින් වාර්තාවක් ඉල්ලා ඇත.

රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම ඉල්ලීම රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කර ඇත. ඒ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය කළ දැනුම්දීමකට අනුවය.

රුසියානු හමුදාවට එක් කිරීමට ශ්‍රී ලංකා හමුදාවන්හි සේවයේ නිරත සාමාජිකයන් බටහිර තානාපති කාර්යාලයක නිලධාරින්ගේ සහායෙන් මෙරටින් රැගෙන යන ජාවාරමක් මීට පෙර අනාවරණ වී තිබිණ.

මේ අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට මෙවැනි ජාවාරම්වලට හසු නොවන ලෙසට දැනුම්වත් කරන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාපතිවරුන්ට දැනුම් දී ඇත.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මිලියන 295ක් වන්දි ලෙස ගෙවලා!

Published

on

By

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත්වූ සහ තුවාල ලැබූ පුද්ගලයන් සහ හානියට පත් දේපළ වෙනුවෙන් රුපියල් මිලියන 295කට අධික මුදලක් (295,499,069.00ක්) වන්දි වශයෙන් ගෙවා ඇති බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ වාර්ෂික වාර්තාවලින් අනාවරණය වේ.

ඒ යටතේ මරණයට පත්වූ හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් 273,747,000ක් සහ හානියට පත් දේපළ වෙනුවෙන් රුපියල් 21,752,069ක් වන්දි ලෙස ගෙවා ඇත.

එම වන්දි ප්‍රදානය කර ඇත්තේ මරණයට පත් වූ හා සදාකාලික දුබලතාවයට පත් වූ අයකු සඳහා රුපියල් මිලියනයක්, වෛද්‍ය වාර්තාවේ සඳහන් ආකාරයට තාවකාලික හා සදාකාලික දුබලතාවයෙහි ප්‍රතිශතය මත පදනම්ව උපරිමය රුපියල් 500,000ක්, හානියට පත් වූ දේපළ සඳහා රජයේ ප්‍රධාන තක්සේරු නිලධාරියාගේ තක්සේරු කිරීමෙන් අනතුරුව උපරිමය රු. 5,000,000 දක්වා මුදලකට යටත්වය.

මරණයට පත්වූ හා තුවාල ලැබූ පුද්ගලයන් 719 දෙනකුට මේ යටතේ වන්දි ප්‍රදානය කර ඇතැයි වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved