Connect with us

පුවත්

තලවතුගොඩ ‌හේමාස්හිදී මෝටර් රථයක් පැහැර ගනියි!

Published

on

තලවතුගොඩ ‌හේමාස් ර‌ෝහලේ රථ ගාලේ නවතා තිබූ ම‌ෝටර් රථයක් පැහැරගෙන ගොස් තිබේ.

මෙසේ පැහැරගෙන ‌ගොස් ඇත්ත‌ේ Toyota Axio WXB (CAR 6525) වර්ගයේ මෝටර් රථයකි.

අදාළ මෝටර් රථය දුටුවොත් මෙම දුරකථන අංක (0717480098 | 0718053084 | 0719661313  වෙත දැනුම්දෙන ලෙස ම‌ෝටර් රථය‌ේ හිමිකරු ඉල්ලා සිටී.

පුවත්

පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු අද

Published

on

By

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද (19) දින සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ, අද (19) පස්වරු 2.00 ට මතුගම, කරම්පෑතර පවුලේ සුසාන භුමියේදී ය.

හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය මතුගම යටදොළවත්තේ පිහිටි නිවසේ මේ වන විට තැන්පත් කර තිබේ.

දේශපාලඥයින්, ප්‍රදේශවාසින් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිණෙමින් සිටී.

ඔහුගේ මතුගම පිහිටි වත්තේදි විදුලි සැර වැදීමෙන් තෙවරප්පෙරුම මහතා පෙරේදා පස්වරුවේ මිය ගියේ ය.

Continue Reading

පුවත්

බදාදාට ජල කප්පාදුවක්

Published

on

By

සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් අප්‍රේල් 24 වන බදාදා පෙ.ව 8.30 සිට ප.ව 8.30 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල පැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා- ඇල, කටුනායක/ සීදූව නගර සභා බල ප්‍රදේශයටත්, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා – ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මේ හේතුවෙන් ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය විසින් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading

පුවත්

බාල බෙහෙත් ගෙන්වූ සමාගම් වැලම අධිකරණයට; සමාගම් ලැයිස්තුවත් එළියට

Published

on

By

හියුමන් ඉමියුනොග්ලොබුලින් ඇතුළු මෑත කාලීනව සිදු වූ මතභේදාත්මක වෛද්‍ය සැපයුම් සිදුකර ඇති සමාගම් වෙතින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය සහ සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය වැරදි, නීත්‍යානුකූල නොවන, ශුන්‍ය සහ අවලංගු, සහ නීතිය ඉදිරියේ බල රහිත බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අප්‍රේල් 16 වැනිදා  මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SCFR/99/2024) ගොනු කර තිබේ.

පෙත්සමෙන් වගඋත්තරකරුවන් 66 දෙනෙකු ඇතුළුව ආන්දෝලනාත්මක වෛද්‍ය සැපයුම්වලට සම්බන්ධ සමාගම් වන අයුසුලේට් බයොටෙක් ෆාර්මා (Isolez Biotech Pharma AG (Pvt) Ltd), ලයිව්එල්ත් බයෝ ෆාමාර් (Livealth BioPharma (Pvt) Ltd),  යදීන් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd), ස්ලිම් ෆාමර්සූටිකල්ස් පුද්ගලික සමාගමේ (Slim Pharmaceuticals (Pvt) Ltd) නන්දනී මෙඩිකල් ලැබෝටරිස් පුද්ගලික සමාගම (Nandani Medical Laboratories (Pvt) Ltd), ඩිවයින් ලැබෝටරීස් (Divine Laboratories (Pvt) Ltd), ගල්ෆික් බයෝසෙන්ස් පුද්ගලික සමාගම  (Gulfic Biosciences Limited) සහ නවචෙම් ලංකා පුද්ගලික සමාගම(Novachem Lanka (Pvt) Ltd) නම් කර තිබේ.

වගඋත්තරකරුවන් අතර කැබිනට් අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අංශයට අදාල වත්මන් සහ හිටපු ඉහළ නිලධාරීන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,  භාණ්ඩාගාර ලේකම්, විගණකාධිපති, රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි සාමාජිකයින් සහ අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපතිවරයා වේ.අයුසුලේට් බයොටෙක් ෆාර්මා (Isolez Biotech Pharma AG (Pvt) Ltd) හා ලයිව්එල්ත් බයෝ ෆාමාර් (Livealth BioPharma (Pvt) Ltd) යන සමාගම් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සැපයීමේ සිද්ධියේ පළමු සැකකාර් වන සුගත් ජානක ප්‍රනාන්දු නමැත්තාට අයත් සමාගම් බව පැවසේ.

යදීන් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd) සෂිමාල් දිසානායකට අයත් එකක් වන අතර එහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන්නේ කටුනායක බවද වාර්තා වේ. (රුපියල් මිලියන 20ක අල්ලසක් ලබා ගනිද්දී කොටුවූ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ පී. දිසානායක මහතා සෂිමාල්ගේ පියාය.)
ස්ලිම් ෆාමර්සූටිකල්ස් පුද්ගලික සමාගමේ (Slim Pharmaceuticals (Pvt) Ltd) ප්‍රධානියා, සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ සුමිත් ප්‍රේමරත්න නැමැත්තෙකි.

නන්දනී මෙඩිකල් ලැබෝටරිස් පුද්ගලික සමාගම (Nandani Medical Laboratories (Pvt) Ltd), ඩිවයින් ලැබෝටරීස් (Divine Laboratories (Pvt) Ltd), ගල්ෆික් බයෝසෙන්ස් පුද්ගලික සමාගම  (Gulfic Biosciences Limited) සහ නවචෙම් ලංකා පුද්ගලික සමාගම (Novachem Lanka (Pvt) Ltd)  යන සමාගම් සියල්ල ඉන්දීය සමාගම් වේ.

පෙත්සම මගින් තරඟකාරී ලංසු නොමැතිව හියුමන් ඉමියුනොග්ලොබුලින් සහ තවත් ඖෂධ කිහිපයක් ආනයනය කිරීම වැරදි සහ නීති විරෝධී බව ප්‍රකාශ කිරීම, සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය (Waivers of Registration) පිළිබඳව සමාලෝචනය කිරීම, මිලදී ගැනීම් වලට අදාළ විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස විගණකාධිපතිවරයාට නියෝග කිරීම, අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කිරීම හා රජයට හෝ මහජනතාවට සිදු වූ වියදම් සහ වන්දි අයකර ගැනීමට කටයුතු කිරීම යන කරුණු ඉල්ලා තිබේ.

පොදු දේපළ අවභාවිතය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳව වගවන ලෙස ඉල්ලා සිටිමින්, මහජන සුබ සිද්ධිය වෙනුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.

වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් හෝ අත්‍යාවශ්‍ය ක්‍රියා නොකිරීම් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවන් කියා සිටියි.

වෛද්‍ය සැපයුම් ලබා ගැනීමේදී, සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය (Waivers of Registration) පිළිබඳව සමාලෝචනය කිරීමට පෙත්සම්කරුවන් අධිකරණයේ මැදිහත්වීම අපේක්ෂා කරයි.

එමෙන්ම, ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කිරීම සඳහා පනවා ඇති නීතිරීති සහ රෙගුලාසි වලට වගඋත්තරකරුවන්ට අනුකූල වන්නැයි නියෝග කරන ලෙසද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවතියේ යැයි කියන ලද ‘හදිසි තත්ත්වය’ බොහෝ දුරට දුර්වල කළමනාකරණය නිසා ඇති වූවක් බව පෙනී යයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන වල නිලතල දරන පුද්ගලයන්ගේ වැරදි කළමනාකරණය විසින් ඉහත කී හදිසි අවස්ථාව සැලසුම් කළේ යම් යටි අරමුණු ඉටු කර ගැනීමේ වුවමනාවට දැයි සැකයක් ඇතිවේ,” යනුවෙන් පෙත්සමේ සඳහන් වේ.

ඉන්දියානු ණය පහසුකම යටතේ ඖෂධ ආනයනය කිරීමේදී දක්නට ලැබුණු අක්‍රමිකතා සහ නීතිය නොසලකා හැරීම සැලකිල්ලට ගනිමින්, 2023 පෙබරවාරි මාසයේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ආයතනය ගොනු කළ,දැනට අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින පෙත්සමට (SCFR/65/2023) අමතරව මෙම පෙත්සම ගොනු කර ඇත.

ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කර ඇති සැපයුම්කරුවන්ගෙන් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඔවුන් හරහා ලබා ගත් වෛද්‍ය සැපයුම් සඳහා දරන ලද පිරිවැය ගණනය කරන ලෙසත් විගණකාධිපතිවරයාට නියෝග කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ආයතනය මෙවර ඉදිරිපත් කළ පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

මීට අමතරව, ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කර වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදනය තුළින් මූල්‍ය හෝ වෙනත් ප්‍රතිලාභ ලබාගෙන ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ආරම්භ කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම සිද්ධීන් හේතුවෙන් රජයට හෝ මහජනතාවට දැරීමට සිදු වූ වියදම් මෙන්ම ඒ සම්බන්ධයෙන් වන්දි මුදලක් අදාළ වගඋත්තරකාර පාර්ශවවලින් අයකර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙස පෙත්සම මගින් තවදුරටත් ඉල්ලා ඇත.

සම්පූර්ණ පෙත්සම මෙතනින්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved