Connect with us

පුවත්

දිස්ත්‍රික් සංවර්ධන සභා ගේන්න මෛත්‍රී ගේ යෝජනාවට රනිල් ගේ එකඟත්වය

Published

on

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන සභා යළි ගෙන ඒම සම්බන්ධයෙන් හිටපු ජනපති – මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළේය.

ඔහු මේ බව යෝජනා කළේ අද (29) දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මෙහිදී ප්‍රතිචාර දක්වමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ එම ක්‍රමය ආරම්භ කිරීමට තමා සූදානම් බවයි.

“මං ඔබතුමා කිව්ව කතාවට ඇහුම්කන් දුන්නා. මම ලෑස්තියි දිස්ත්‍රික් සංවර්ධන සභා ආරම්භ කරන්න,” යැයි ජනාධිපතිවරයා පැවසීය.

“බොහොම ස්තූතියි ඔබතුමාට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය දෙනවා…දිස්ත්‍රික් සංවර්ධන සභා තුළ තමයි මේ රටට යහපතක් වෙන්නෙ. අපරාධෙ ජනධිපතිතුමනි… විශාල මුදලක් අපිට ඉතිරිකරගන්න පුළුවන්,” යැයි හිටපු ජනපතිවරයා පැවසීය.

පුවත්

දන්න දේ දැන ගන්න මෛත්‍රි උසාවි කැඳවයි

Published

on

By

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (28) නියම කළාය.

මෙම සිද්ධියට පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නැයි රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දුන් අතර ඒ පිළිබඳ නීතීපතිවරයාට දැනුම් දෙමින් තමන් ගතයුතු ඉදිරි පියවර කුමක්දැයි රහස් පොලිස් නිලධාරීහු උපදෙස් ඉල්ලා තිබිණි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

සිනොපෙක් පිරිපහදු ව්‍යාපෘතිය ජුනි සිට වැඩ අල්ලයි

Published

on

By

චීනයේ සිනොපෙක් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග් පෞද්ගලික සමාගමේ උප සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිසක් සමග ඊයේ (27) දින විදුලි හා බලශක්ති අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්වූ බව විදුලි හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා පවසයි.

මේ පිළිබඳව X පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, හම්බන්තොට ඉදිකිරීමට යෝජිත නව තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් අදාල පාර්ශව සමඟ පැවති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණු බවයි. 

මුලින් ඉදිරිපත් කළ යෝජනාවට වඩා මෙම පිරිපහදුවේ ධාරිතාවය හා ආයෝජනය දෙගුණයකින් වැඩි කිරීමට සිනොපෙක් කළමනාකාරිත්වය තීරණය කර ඇතැයි එම නියෝජිත පිරිස පැවසූ බවත්, අදාල ගිවිසුම් අත්සන් කර මේ වසරේ ජුනි මාසය වන විට මෙහි කටයුතු ආරම්භ කිරීමට ඔවුන් අදහස් කර සිටින බවත් කංචන අමාත්‍යවරයාගේ X පණිවිඩයේ දැක්වේ.

මෙම ව්‍යාපෘතියට අදාලව ජල හා විදුලි සැපයුම්, ඉඩම් ලබාදීම සහ ආයෝජන මණ්ඩල පහසුකම් පිළිබඳව අද දිනයේද අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවද එහි වැඩිදුරටත් දැක්වේ.

Continue Reading

පුවත්

අන්තර්ජාලයේ ළමා ලිංගික අපයෝජන වාර්තා කරන්න නව මාර්ගගත ප්‍රවේශයක්

Published

on

By

අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 

ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවි, ඡායාරූප සහ වීඩියෝ දර්ශන හේතුවන් ළමුන් සයිබර් අවකාශය තුළ හිංසනයට ලක්වීම වර්තමානයේ විශාල ගැටළුවක්ව පවතී.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලෝකයේ ප්‍රමුඛතම අන්තර්ජාල ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ආයතනයක් වන එක්සත් රාජධානියේ  ඉන්ටර්නෙට් වොච් ෆවුන්ඩේෂන් ( Internet Watch Foundation – IWF) ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර මෙහි  මූල්‍ය අනුග්‍රාහකත්වය  Save the Children සහ Child Fund යන ආයතන විසින් සපයනු ලැබේ. 

මෙම මාර්ගගත ක්‍රමවේදය හඳුන්වා දීමෙන් පසු ඕනෑම අයෙකුට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ www.childprotection.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවන අසභ්‍ය ළමා ඡායාරූප සහ වීඩියෝ දර්ශන ආදිය පිළිබදච වාර්තා කළ හැකි අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  සම්බන්ධීකරණයෙන් IWF සංවිධානය විසින් අදාළ ඡායාරූප, වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සහ සැකකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථාන වෙත හෝ අදාළ අපයෝජනයට ලක් වූ අය වෙනුවෙන් පෙනී සිටින ආයතන වෙත ලබාදීම සිදු කරයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 011 – 2 778911 දිගු අංක (269) ඔස්සේ නීතිය බලාත්මක කිරීමේ අංශය අමතා හෝ  www.childprotection.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් යමුනා පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ යන මහත්ම මහත්මීන් සහ ළමා ආරක්ෂාව  තහවුරු කිරීම සඳහා ක්‍රියාකරීව කටයුතු කරන ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව  ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත්  කිරීම සඳහා පත් කර ඇති අධීක්ෂණ කමිටුවේ සාමාජිකයන් සමඟ හමුවකටද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

එම කමිටු වාර්තාව 2023 ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ අතර බහු පාර්ශවකරුවන් සමඟ පුළුල් උපදේශන ඔස්සේ සකස් කරන ලද එම වාර්තාවේ ළමා ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන නිර්දේශ ඉදිරිපත් කර තිබේ. 

ළමා ආරක්ෂණ පද්ධතිය තුළ කටයුතු කරන විවිධ වූ ආයතන සඳහා නිර්දේශ ක්‍රියාවට නැංවීමේ පළමු පියවර ලෙස කමිටුව විසින් අදාළ අංශ සහ ආයතන ඉලක්ක කරගත් කෙටිකාලීන නිර්දේශ කිහිපයකට ප්‍රමුඛත්වය දී ඇති බවත්, එය මාස 06ක් තුළ ක්‍රියාත්මක කිරීමටත් එම ගැටලුවල බරපතලකම අනුව ඒවාට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ මෙතෙක් පැවති කිසිඳු රජයක නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් අද එය බරපතළ ගැටලුවක් වී ඇති බවයි.

පවතින සංකීර්ණතාව තුළ මෙම ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීම අසීරු වුවද රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය. 

අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අමාත්‍යාංශ, පොලිසිය සහ ළමා සුරැකුම් සහ පරිවාස සේවා නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්ව මේ සඳහා කැපවී කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පැහැදිළි කළේය. 

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බවත්, ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් ද,  නීතිපති සංජය රාජරත්නම්, සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් සහ ළමා ආරක්ෂණයට අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved