Connect with us

පුවත්

පළාත් පාලන ඡන්දයට දාන පොහොට්ටු ලිස්ට්එකට නාමයෝජනා කැඳවයි!

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවන බව එම පක්‍ෂය පවසයි.

වර්තමානයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන නියෝජිතයන්ට අමතරව නවක අපේක්‍ෂක තරුණ තරුණියන්, සමාජ නායකයින්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින්ට ප්‍රමුඛතාව දීමට බලාපොරොත්තු වන බවත් වර්තමාන දේශපාලන තත්වයට අනුරූපීව නවීණ දේශපාලන සංස්කෘතියට ගැලපෙන පරිදි අපේක්‍ෂකයන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කරන බවත් පොදුජන පෙරමුණ පවසයි.

දැනට පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරු අතර නීතියට සහ සමාජ සම්මතයන්ට පටහැනිව කටයුතු කර ඇති අයෙක් සිටී නම් නීත්‍යානුකූල පදනමක් මත ඔහුගේ අපේක්‍ෂකත්ව ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ද තීරණය කර ඇති බව ද එම පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කරයි.  

මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතාගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමින් අද (08) කියා සිටියේ පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම් මේ වසරේ දෙසැම්බර් මාසයේ අවසන් සතියේදී සිදුකරන බවයි.

පුවත්

සන්නස්ගලට ඇප (Update)

Published

on

By

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබේ.

කඳාන පොලීසිය විසින් ඒ මහතාව අත්අඩංගුවට ගෙන වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

Last Update 25/04/2022 – 2:25pm

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා අද (25) කදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කදාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාගෙන මාසයක් ඇතුළත ලබාදෙන බවට පොරොන්දුවී ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් සැකකරු එම මුදල නියමිත දිනට ලබාදීමට අපහොසත්වී ඇති අතර විශ්වාසය කඩ කිරීම හේතුවෙන් මුදල් ලබාදුන් පුද්ගලයා කදාන පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ කදාන පොලිසියේ නිලධාරීන් විසින් වහාම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (25) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කැලණිය දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කදාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

මෛත්‍රීගෙන් මහින්ද අමරවීරට එන්තරවාසියක්

Published

on

By

මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමුකර තිබේ.

එහි සඳහන් පරිදි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ තම දීර්ඝකාලීන හා කීර්තිමත් දේශපාලන ජීවිතයට කැළලක් අපහාසයක් ඇතිවන පරිදි ප්‍රකාශයන් සිදුකර ඇති බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව එම එන්තරවාසිය මඟින් දන්වා ඇත්තේ එම කරුණු හරහා සිදුවූ අලාභය හෝ වන්දි මුදල වන රුපියල් මිලියන 1000ක මුදලක් දින 14ක් තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ගෙවන ලෙසටය.

Continue Reading

පුවත්

සම්බන්ධන්ට පඩි සහිත මාස 03ක් නිවාඩු

Published

on

By

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක නිවාඩු ලබාදීමට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව අද (25) සම්මත විය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් මහතා විසින් එම යෝජනාව ස්ථිර කරන ලදී.

ආර්. සම්බන්ධන් මහතා 91වන වියේ පසුවන අතර මේ වනවිට අසනීප තත්ත්වයකින් පසුවෙයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved