Connect with us

පුවත්

ප්‍රියමාලිගේ ලයිට් කපලා; මසක 4ක පොල්ලක්

Published

on

මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලිගේ නිවසේ විදුලිය ඊයේ (02) සිට විසන්ධි කර ඇතැයි වාර්තා වේ.

මෙසේ විදුලිව විසන්ධි කර ඇත්තේ මාස 4කට අදාල හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් බවයි.

එම විදුලි බිලෙහි වටිනාකම ලක්ෂ හතරහමාරකට ආසන්න බවත් පැවසේ.

කෙසේ නමුත් මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ වත්තල ඇවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි තිලිණි ප්‍රියමාලි සහ ඇයගේ පවුලේ සාමාජිකයන් කුලී පදනම මත ජීවත්ව සිටි නිවසේය.

පුවත්

විශේෂ වැටලීම් සිදුකිරීමට තීරණයක්

Published

on

By

සංචාරකයින් වැඩිවශයෙන් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට කිරීමට තීරණයක් ගෙන තිබේ. 

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ සංජය ඉරසිංහ මහතා පැවසුවේ, කොළඹ ගොල්ෆේස් ප්‍රදේශය, අලුත්කඩේ උසාවිය ප්‍රදේශය, බේරුවල, බෙන්තොට, හික්කඩුව, ගාල්ල, ඇල්ල යනාදී ප්‍රදේශවල රාත්‍රී කාලයේ මෙලෙස වැටලීම් කීරීමට පියවර ගන්නා බවය.

Continue Reading

පුවත්

අකුණු ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

බස්නාහිර, සබරගමුව, වයඹ සහ  උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්ය.

මධ්‍යම, උතුරු-මැද සහ  ඌව පළාත්වලත්  සවස් කාලහේදී හෝ  රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර, බස්නාහිර, සබරගමුව සහ  වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි. 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

ඉරාන ජනපතිට PSD ආරක්ෂාව දෙන්න යයි!

Published

on

By

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම සඳහා ලබන 24 වැනි දා මෙරටට පැමිණීමට නියමිත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ගේ සම්පූර්ණ ආරක්ෂාව ජනාධිපති ආරක්ෂක ඒකකය වෙත භාරගෙන ඇතැයි වාර්තා වේ.

ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයේදී ජනාධිපති ආරක්ෂක ඒකකය සමීපතම ආරක්ෂාව සපයන අතරේ යුද හමුදා කමාන්ඩෝ බළකාය ඇතුළුව ත්‍රිවිධ හමුදා මගින් අනෙකුත් ආරක්ෂක විධිවිධාන සැපයීමට නියමිතය.

ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණෙන මොහොතේ ප්‍රභූ සම්මාන උත්තමාචාර පෙළපාළි පවත්වා උමා ඔය වෙත රැගෙන ගොස් නැවත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට කොළඹට රැගෙන ඒමට නියමිතය.

ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් හා ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ද ඊයේ (18) පවත්වා තිබේ.

මේ අතර, ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ සංචාරය සම්බන්ධව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් ශ්‍රී ලංකා රජයට විරෝධය පළකර ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

පසුගිය දිනවල මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ ඇති ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙලෙස තම විරෝධය පා ඇතැයි ද එම වාර්තාවල වැඩි දුරටත් දැක්විණි.


සබැඳි පුවත්
ඉරාන ජනපතිගේ ලංකා සංචාරයට ඇමරිකාවේ විරෝධය – Sri Lanka Mirror – Right to Know. Power to Change

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved