Connect with us

පුවත්

පුටින් අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක්!

Published

on

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාට එරෙහිව හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පුටින්ට අමතරව රුසියාවේ ළමා අයිතීන් පිළිබඳ කොමසාරිස්වරිය වන Maria Lvova-Belova ද අත්අඩංගුවට ගැනීම සඳහා ICCය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇත.

නීතිවිරෝධී ලෙස ළමයින් පිටුවහල් කිරීම යන යුද අපරාධයට මොවුන් දෙදෙනා සැකකරුවන් වන බව ICCය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

මේ සම්බන්ධයෙන් යුක්‍රේනයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වන Andriy Yermak පවසා ඇත්තේ මෙය පටන්ගැන්මක් පමණක් බවයි.

යුක්‍රේනයේ අභිචෝදක ජනරාල්වරායද පවසා ඇත්තේ මෙය ඓතිහාසික තීන්දුවක් බවයි.

කෙසේවෙතත්, රුසියාවේ ප්‍රකාශිකාවක් වන Maria Zakharova සිය ටෙලිග්‍රෑම් චැනලය ඔස්සේ පවසා ඇත්තේ රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියේ පාර්ශවකරුවෙකු නොවන අතර ඒ යටතේ කිසිදු වගකීමක් නොදරන බවයි. එබැවින් මෙවැනි ක්‍රමවේද නීතිමය වශයෙන් බලනොපාන බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.

පුවත්

රට පුරා සන්නද්ධ හමුදාව කැඳවයි

Published

on

By

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද  යාපා අබේවර්ධන  මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

40 වෙනි අධිකාරියවූ  මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

Continue Reading

පුවත්

සා. පෙළ විභාගය ගැන දැනුම්දීමක්

Published

on

By

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.

ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇත.

එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 සිට 15 වන දින දක්වා පැවැත්විමට සැලසුම් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කලේ,  පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට කටයුතු කරන බව ය.

Continue Reading

පුවත්

අද සවස 2 න් පසුව වැස්ස වැටෙන තැන්

Published

on

By

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved