Connect with us

පුවත්

බැසිල් තාමත් යැපෙන්නේ ආණ්ඩුවෙන්; UNPයෙන් බැසිල්ට එකට එක කරයි

Published

on

අමරිකාවේ සිට ලංකාවට පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා පැමිණීමේ දී ඔහු පිළිගැනීමට එහි පැමිණි පුද්ගලයින් වෙනුවෙන් කළ සංග්‍රහ වියදම් ඇතුළු විශේෂ අමුත්තන්ගේ ආලින්දයේ සේවා වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවිය යුතු ගාස්තු රජය විසින් ගෙවා ඇතැයි ඩේලිමිරර් පුවත්පත විසින් හෙළිකර තිබේ.

ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අදාල ගාස්තුව වශයෙන් රුපියල් හැටදහසක මුදලක් පෙරේදා (24) ශ්‍රී ලංකන් එයාර්ලයින් කේටරින්ග් සර්විස් ආයතනයට ගෙවා ඇතැයි එහි දැක්වේ.

හිටපු අමාත්‍යවරයා පිළිගැනීමට ඔහුගේ ප්‍රබල ආධාරකරුවන් වන පොදු ජන පෙරමුණේ මැති ඇමැතිවරු ඇතුළු සීයකට ආසන්න පිරිසක් ගුවන්තොටුපළට පැමිණ සිට ඇති අතර ඔවුන්ට ශ්‍රී ලංකන් කේටරින්ග් වෙතින් කෙටි ආහාරපාන වර්ග සපයා ඇත.

මේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය මඟින් අනාවරණය කිරීමෙන් පසු සිවිල් ගුවන් සේවා අධිකාරිය අදාළ මුදල ගෙවීමට ක්‍රියා කර ඇති බව එම පුවත්පත කියා සිටී.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි දුරකථන බිල්පත ලෙස රුපියල් හාරලක්ෂ හතළිස් හයදහසක මුදල මෙතෙක් ගෙවා නොමැති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කරන ටෙලිකොම් වෘත්තිය සමිතියේ සභාපති හේමන්ත නෙත්තිකුමාර මහතාගේ ප්‍රකාශය හිටපු ඇමතිවරයාගේ අනුදැනුම ඇතිව සිදුවූවක් බැවින් එයට එකට එක කිරීමක් වශයෙන් ගුවන්තොටුපලේ බිල පිළිබඳව හෙළිකර ඇත්තේ එජාපයට සම්බන්ධ පිරිස් විසින් බවටද රාවයක් පැතිරගොස් තිබේ.

Continue Reading

පුවත්

ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා ගමන අවිනිශ්චිතයි!

Published

on

By

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත තත්ත්වයක පවතින බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (19) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීම නිසා එහි ගුවන් කලාපයද වසා දැමීමට ඉරානය පියවර ගැනීම ඊට ආසන්නම හේතුව බව පැවසේ.

ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නොවුණහොත් උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය ලබන 24 වැනිදා විවෘත කිරීමද කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

සබැඳි පුවත්:

ඉරාන ජනපතිට PSD ආරක්ෂාව දෙන්න යයි!

ඉරාන ජනපතිගේ ලංකා සංචාරයට ඇමරිකාවේ විරෝධය

Continue Reading

පුවත්

“ප්‍රතිව්‍යුහගත කළාට ණය තොගය අඩු වෙන්නේ නැහැ”

Published

on

By

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රටවල් අනුව වෙන වෙනම තීරණ ගත නොහැකි අතර සෑම රටකටම සමානව සැලකීම යන මූලධර්මය අනුව කටයුතු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා කියයි. 

කිසිදු රටක් මේ වන විට ගෙවිය යුතු ණය ප්‍රමාණ කපා හැරීමකට එකඟ වී නොමැති අතර ණය ගෙවිය යුතු කාලය 2028 වර්ෂය දක්වා දීර්ඝ කර ගැනීමට දැනට සාකච්ඡා පැවැත්වෙන බව හෙතෙම අනාවරණය කළේය.

මෙරට ණය පිළිබඳ දැනට ඇත්තේ 2023 සැප්තැම්බර් මාසයේ ලබාගත් නිල සංඛ්‍යාලේඛන වන අතර එම ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 120 ඉක්මවා යන බව හෙතෙම ප්‍රකාශ කළේය. 

එයට පසුව ගත් සහ ගනිමින් පවතින ණය මෙයට එකතු වන අතර ඒ අනුව අපට ගෙවීමට නොහැකි ණය ප්‍රමාණයක් ඉදිරියේදී එකතු වන බව මහාචාර්යවරයා පැවසීය. 2028 වසර වනවිට ණයවල මූර්ත අගය හෙවත් නියම වටිනාකම අඩුවීමට ඉඩ ඇති නමුත් ණය තොගය තවත් වැඩිවීමේ අනතුරකට ලක්වනවා ඇත.

මේ තත්ත්වය සමනය කිරීමට නම් රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළ යුතු අතර රටට මුදල් ලැබෙන ක්‍රමද වර්ධනය කළ යුතු බව පවසන මහාචාර්යවරයා ආර්ථිකය යහපත් ලෙස කළමනාකරණය කිරීමට රජය සමත් විය යුතු බවද පවසයි.

(දේශය)

Continue Reading

පුවත්

ළමුන් අතර උණ, පාචනයේ වැඩිවීමක්

Published

on

By

අලුත් අවුරුදු සමයෙන් පසුව දරුවන් අතර පාචනය ව්‍යාප්ත වීමක් දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

දරුවන් අතර හතිය, ඉන්ෆ්ලුවෙන්සා, වයිරස් උණ ද ව්‍යාප්ත වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

වමනය, බඩඑළිය වැනි රෝග ලක්ෂණ තිබේ නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතු බවද ඔහු අවධාරණය කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved